Showing posts with label Higher Education; Scholarships; GKS; Global Korea Scholarship; NIIED. Show all posts
Showing posts with label Higher Education; Scholarships; GKS; Global Korea Scholarship; NIIED. Show all posts

Feb 18, 2024

පශ්චාද් උපාධි සඳහා වන කොරියානු රජයේ ශිෂ්‍යත්වය (GKS Graduate Scholarship) 2024

2024 වර්ෂයේ කොරියානු රජයේ පශ්චාද් උපාධි ශිෂ්‍යත්ව (Master's, PhD) වැඩසටහන සඳහා මේ දිනවල අයදුම්පත් කැඳවනු ලැබ තිබෙනවා. කොරියානු රජයේ අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ඇති 'ජාත්‍යන්තර අධ්‍යාපනය සඳහා වන ජාතික ආයතනය (NIIED)' මගින් ලබාදෙන 'Global Korea Scholarship - GKS' නම් මෙම ශිෂ්‍යත්වය සඳහා පහත ක්‍රම 2න් එක් ක්‍රමයක් හරහා පමණක් අයදුම් කල හැකිය.

1. මෙරට කොරියානු තානාපති කාර්යාලය හරහා අයදුම් කිරීම , හෝ
2. කොරියාවේ විශ්වවිද්‍යාලයක් හරහා අයදුම් කිරීම

මෙය කොරියාවට යාම් ඊම් සඳහා වන ගුවන් ටිකට්පත්, කොරියානු භාෂා පාඨමාලා ගාස්තු / උපාධි පාඨමාලා ගාස්තු / ජිවන වියදම් දීමනා ආදී සියලු වියදම් කොරියානු රජයෙන් දරන පූර්ණ ශිෂ්‍යත්වයකි. මෙවර ශිෂ්‍යත්ව වැඩසටහනේ විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාවට ලබා දී ඇති කෝටාව පසුගිය වසරට වඩා දෙගුණයකින් වැඩි වී තිබීමයි.

ඔබත් දැනට ප්‍රථම උපාධිය (B.A., B.Sc. ආදී) සම්පූර්ණ කල වයස අවු. 40ට අඩු අයෙක් නම් මේ සඳහා අයදුම් කල හැකිය.

මෙරට කොරියානු තානාපති කාර්යාලය හරහා අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: 2024 මාර්තු 03.

වැඩි විස්තර සඳහා ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති කාර්යාලයේ වෙබ් අඩවිය බලන්න: https://overseas.mofa.go.kr/lk-en/index.do

කොරියාවේ විශ්වවිද්‍යාලයක් හරහා අයදුම්පත් භාරගන්නා දින වකවානු තීරණය කරනුයේ ඒ ඒ විශ්වවිද්‍යාල මගින් වන අතර සාමාන්‍යයෙන් පෙබරවාරි-මාර්තු අතර කාලය තුළ අයදුම්පත්‍ර භාරගැනීම සිදු කෙරෙනවා.

Dec 1, 2023

'කොරියානු රජයේ ශිෂ්‍යත්ව වැඩසටහනේ ශ්‍රී ලංකා ප්‍රවර්ධන නියෝජිත' වශයෙන් පත්වීම Appointed as 'GKS Publicity Envoy'

කොරියානු ජනරජයේ අධ්‍යාපන අමාත්‍යාංශයට අනුබද්ධ "ජාත්‍යන්තර අධ්‍යාපනය පිලිබඳ ජාතික ආයතනය (NIIED)" මගින් ඉදිරි වසර 02ක් කාලය සඳහා "කොරියානු රජයේ ශිෂ්‍යත්ව වැඩසටහනේ ශ්‍රී ලංකා ප්‍රවර්ධන නියෝජිත (GKS Publicity Envoy - GKS 홍보사절, 2023-2025)" වශයෙන් මා පත්වීම් ලැබුවෙමි. පත්වීම් සහතිකය ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිතුමිය ගේ සුරතින් කොළඹ කොරියානු තානාපති කාර්යාලයේදී පසුගියදා මා වෙත පිරිනමන්නට යෙදුණි.
The Certificate of Appointment was handed over to the newly appointed GKS Publicity Envoy Dr. Tharanga Ranasinghe by Hon. Ambassador at the Embassy.

Aug 10, 2021

කොරියානු ජනරජයේ ශිෂ්‍යත්වලාභීන් (2021) සඳහා වන නම්නීකරණ වැඩසටහන - Orientation for GKS 2021 Recipients

කොරියානු ජනරජයේ ශිෂ්‍යත්වලාභීන් ගේ ආදී විද්‍යාර්ථීන්ගේ සංගමයේ ශ්‍රී ලංකා ශාඛාව, ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති කාර්යාලයේ සාදර අනුග්‍රහයෙන් සංවිධානය කරන ලද, 2021 කොරියානු ජනරජයේ පශ්චාද් උපාධි ශිෂ්‍යත්වලාභීන් සඳහා වූ නම්නීකරණ වැඩසටහන 2021 අගෝස්තු 9 දින මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ සාර්ථකව පවත්වන්නට යෙදුණි.
නවක ශිෂ්‍යත්වලාභීන්ගේ ඉදිරි වසර 3-4ක කොරියානු අධ්‍යාපන ජීවිතය සාර්ථක කර ගැනීමට වැදගත් වන මූලික කරුණු සහ ඔවුනට එහිදී මුහුණ දීමට සිදුවිය හැකි අභියෝග සහ ඉඩප්‍රස්ථා සාකච්චා කිරීමත්, ආදී විද්‍යාර්ථීන්ගේ අත්දැකීම් හුවමාරු කරගැනීමත්, ශිෂ්‍යත්වලාභීන්ගේ ගැටළු සඳහා පිළිතුරු ලබා දීමත් මෙහිදී සිදු විය. ආදී විද්‍යාර්ථීන්ගේ සංසදයේ හිටපු සභාපති ආචාර්ය අරුණ රණවීර, කොරියානු ජනරජයේ ශිෂ්‍යත්ව වැඩසටහනේ ශ්‍රී ලංකා ප්‍රවර්ධන නියෝජිත ආචාර්ය සචිනි අමරසේකර, කොරියානු ජනරජයේ ශිෂ්‍යත්වලාභී අමිලජිත් ලීලාරත්න යන සම්පත් දායකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු මෙම නම්නීකරණ වැඩසටහනට ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්තුමියගේ ගෞරවණිය දායකත්වයද ලැබුණි. ආදී විද්‍යාර්ථීන්ගේ සංසදයේ වත්මන් සභාපතිවරයා වන ආචාර්ය තරංග රණසිංහ විසින් මෙහෙයවන ලද මෙම වැඩසටහනේ ස්තූති කථාව පවත්වන ලද්දේ සංගමයේ ලේකම් සේකා වීරසිංහ විසිනි.
ඉතා සුහද ලෙස පැවැත්වුණු මෙම නම්නීකරණ වැඩසටහන තම ඉදිරි කොරියානු අධ්‍යාපන ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා ඉතා ප්‍රයෝජනවත් වනු ඇති බවට නවක ශිෂ්‍යත්වලාභීහු විශ්වාසය පළ කළහ.

Feb 14, 2020

පශ්චාත් උපාධි සඳහා වන කොරියානු රජයේ ශිෂ්‍යත්ව - 2020

2020 වර්ෂයේ කොරියානු රජයේ පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව (Masters, PhD) වැඩසටහන සඳහා මේ දිනවල අයදුම්පත් කැඳවනු ලැබ තිබෙනවා. කොරියානු රජයේ අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ඇති 'ජාත්‍යන්තර අධ්‍යාපනය සඳහා වන ජාතික ආයතනය (NIIED)' මගින් ලබාදෙන 'Global Korea Scholarship - GKS' නම් මෙම ශිෂ්‍යත්වය සඳහා පහත ක්‍රම 2න් එක් ක්‍රමයක් හරහා පමණක් අයදුම් කල හැකිය.

1. මෙරට කොරියානු තානාපති කාර්යාලය හරහා අයදුම් කිරීම , හෝ
2. කොරියාවේ විශ්වවිද්‍යාලයක් හරහා අයදුම් කිරීම

මෙරට කොරියානු තානාපති කාර්යාලය හරහා අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: 2020 මාර්තු 15

වැඩි විස්තර සඳහා ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති කාර්යාලයේ වෙබ් අඩවිය  බලන්නhttp://overseas.mofa.go.kr/lk-en/brd/m_2309/view.do?seq=759790

කොරියාවේ විශ්වවිද්‍යාලයක් හරහා අයදුම්පත් භාරගන්නා දින වකවානු තීරණය කරනුයේ ඒ ඒ විශ්වවිද්‍යාල මගින් වන අතර සාමාන්‍යයෙන් පෙබරවාරි-මාර්තු අතර කාලය තුළ අයදුම්පත්‍ර භාරගැනීම සිදු කෙරෙනවා.

ශිෂ්‍යත්ව වැඩසටහන පිළිබඳ වැඩි විස්තර සඳහා පහත වෙබ් අඩවිය බලන්න.

'Study in Korea' Website: http://www.studyinkorea.go.kr/en/main.do