Showing posts with label TOPIK; Test of Proficiency in Korean; Korean language-Examinations. Show all posts
Showing posts with label TOPIK; Test of Proficiency in Korean; Korean language-Examinations. Show all posts

Jan 24, 2020

70 වැනි TOPIK විභාගය - 2020 මැයි 24 ශ්‍රී ලංකාවේදී

ශ්‍රී ලංකාවේදී ඔබටත් TOPIK විභාගයට පෙනී සිටිය හැකි බව දන්නවා ද?

70 වැනි TOPIK විභාගය 2020 මැයි 24 වැනි ඉරිදා කැලණිය විශ්වවිද්‍යාලයේදී පැවැත්වෙනවා. මෙම විභාගයට පෙනී සිටීමට අපේක්ෂා කරන ඔබට පෙබරවාරි 10 සිට 24 දක්වා ඒ සඳහා අයදුම් කල හැකියි. අයදුම්පත් භාර දිය යුත්තේ කොළඹ 7 පිහිටි කොරියානු තානාපති කාර්යාලයටයි.

මේ සඳහා අවශ්‍ය  වනුයේ:

- නිසි පරිදි සම්පුර්ණ කල අයදුම්පත්‍රය
- හැඳුනුම්පත් ප්‍රමාණයේ චායාරූප 02 (3 cm X 4 cm)
- වලංගු ගමන් බලපත්‍රය
- ලියාපදිංචි ගාස්තු: රු. 2000.00

අයදුම්පත්‍රය බාගත කිරීමට සහ වැඩි විස්තර සඳහා කොරියානු තානාපති කාර්යාලයේ වෙබ් අඩවියට පිවිසෙන්න: http://overseas.mofa.go.kr/lk-en/brd/m_2309/view.do?seq=759785 

පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර බාගත කිරීම, ආදර්ශ ප්‍රශ්නපත්‍ර, පාඩම් මාලා ඇතුළු විභාගය සම්බන්ධ මාර්ගෝපදේශ සඳහා පිවිසෙන්න: https://www.topikguide.com/