
Sejong Sillok (세종실록) නම් ඓතිහාසික වාර්තාවට අනුව 15 වන සියවසේදී මෙම අක්ෂර මාලාව මුලින්ම හඳුන්වා දුන්නේ Hunmin Jeongeum (훈민정음) නමින්ය. එය සම්පාදනය වූයේ නිවැරදිව අක්ෂර උච්චාරණය කරන අයුරු පිලිබඳ පොදු ජනතාවට උපදෙස් ලබා දීමේ අරමුණිනි. ලේඛන කලාවේදී එතෙක් චීන අක්ෂර (Hanja) භාවිතා කල කොරියානුවන්ට මෙමගින් වඩාත් සරල හා සුගම, එමෙන්ම විද්‍යාත්මක අක්ෂර මාලාවක් (한글) හිමි වූ අතර එය කොරියානු සමාජයේ සාක්ෂරතාව වර්ධනයට මෙන්ම සමාජ සංවර්ධනයට ද බෙහෙවින් දායක වූවාට සැක නැත. එබැවින් කොරියානුවෝ අදටත් සේජෝන් රජුට මහත් හරසර දක්වති.
ඡායාරූපය: Hunmin Jeongeum (훈민정음). මූලාශ්‍රය: https://en.wikipedia.org/wiki/Hunminjeongeum
한글날 ජාතික නිවාඩු දිනයක් බවට පත්වීම පිලිබඳව කොරියානු බසින් පළවූ ලිපියක් කියවීම සඳහා පහත සබැඳියාවට පිවිසෙන්න.
https://www.urimal.org/1809
No comments:
Post a Comment