--කොරියානු අධ්‍යයන පිලිබඳ ශාස්ත්‍රීය සංග්‍රහය සඳහා
ලිපි සම්පාදනය කිරීමට ආරාධනා කිරීම--
කොරියානු
ජනරජයේ ශිෂ්‍යත්වලාභීන්ගේ ආදි විද්‍යාර්ථී සංගමයේ ශ්‍රී ලංකා ශාඛාව (GKS
Alumni Association, Sri Lanka Chapter) මගින් අප සංගමයේ ආදී විද්‍යාර්ථීන්ද ඇතුළු කොරියානු අධ්‍යයන පිලිබඳ විශේෂඥතාවක් උසුලන විද්වතුන්, පර්යේෂකයන් හා වෘත්තිකයන්ගේ දායකත්වයෙන් සම්පාදනය කෙරෙන 'කොරියානු අධ්‍යයන
- Korean Studies' පිලිබඳ ශාස්ත්‍රීය
සංග්‍රහය සඳහා ශාස්ත්‍රීය ලිපි සම්පාදනය කරන මෙන් ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.
කොරියානු අධ්‍යයන (Korean
Studies) පිලිබඳ
නිර්වචනය: කොරියානු අධ්‍යයන
(Korean
Studies) යනු කලා, මානවශාස්ත්ර
සහ සමාජීය විද්‍යා විෂය ක්ෂේත්රයන්හි කොරියානු පාර්ශ්වය ආවරණය කෙරෙන
අන්තර්විෂයයික ක්ෂේත්රයකි (කොරියානු ඉතිහාසය, සංස්කෘතිය, සාහිත්‍යය, කලාව (සම්ප්‍රදායික
සහ ජනප්‍රිය), ජනශ්රැතිය, සංගීතය, භාෂාව, සමාජය, දේශපාලනය, ආර්ථිකය
ඇතුළුව). තවත් අයුරකින් පවසයි නම් කොරියාව පිළිබඳව (දකුණු හා උතුරු කොරියානු රාජ්‍යයන්
මෙන්ම කොරියානු ඩයස්පෝරාව ද ඇතුළත්ව) අධ්‍යයනය කිරීම කේන්ද්‍ර කරගත් විෂය ක්ෂේත්රයකි.
මෙම ශාස්ත්‍රීය කෘතිය 2020 නොවැම්බර් මස මැද භාගයේදී එළි දක්වන්නට සැලසුම් කරන අතර ඔබගේ ශාස්ත්‍රීය ලිපියේ අත්පිටපත 2020 සැප්තැම්බර් මස 20 (ඉරිදා) දින හෝ ඊට පෙර අප වෙත යොමු කරන මෙන් කාරුණිකව සිහිපත් කරමු.
ඔබට අමතරව මෙම
විෂය ක්ෂේත්රය යටතේ ලිපි සම්පාදනය කළ හැකි කොරියානු අධ්‍යයන පිලිබඳ විශේෂඥතාවක් උසුලන අනිකුත්
විද්වතුන්, පර්යේෂකයන් හෝ වෘත්තිකයන් සිටියි
නම් ඔවුන් ද මේ සම්බන්ධයෙන් දැනුවත් කර ශාස්ත්‍රීය ලිපියක් සම්පාදනයට දිරි ගන්වන
මෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිමු.
ලිපි සම්පාදනය
සඳහා උපදෙස්:
i. වචන සංඛ්‍යාව: 6000 ට නොවැඩි (ගොණු වර්ගය: MS Word හෝ Hangul
Office)
ii. භාෂාව: සිංහල, ඉංග්‍රීසි හෝ
කොරියානු
iii. සාර සංග්‍රහය (Abstract): සිංහල, ඉංග්‍රීසි, කොරියානු
භාෂා ත්‍රිත්වයෙන් (කොරියානු බසින් සාර සංග්‍රහය සම්පාදනයේදී අවශ්‍ය නම් සංස්කාරක මණ්ඩලයේ සහාය ලබාගත හැකිය.)
iv. ආශ්රිත ග්රන්ථ
ලැයිස්තුව: American
Psychological Association (APA) Style අනුව සම්පාදනය කල
යුතුය
vi. අත් පිටපත් භාර ගන්නා
අවසාන දිනය: 2020 සැප්තැම්බර්
මස 20 දින හෝ ඊට පෙර
මෙම ශාස්ත්‍රීය
කෘතියේ ඇතුළත් සියළුම ලිපි විද්වත් මණ්ඩලයක අධීක්ෂණයෙන් (peer review) පසුව ISBN අංකයක්ද සහිතව
මුද්‍රණද්වාරයෙන් ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කෙරේ.
--Call for Papers on
Korean Studies—
Global Korea Scholarship (GKS) Alumni
Association, Sri Lanka Chapter (also known as Korean Government Scholarship
Program (KGSP) Alumni Association) cordially invites its valued alumni members
and other distinguished academics, researchers and professionals, those who
have an interest on Korean Studies, to submit their manuscripts for the edited volume
on “Korean Studies” which will be published in mid-November 2020.
Definition on Korean Studies: An
interdisciplinary field which draws upon
the Korean aspects of disciplines in the arts,
humanities and social sciences (including Korean history, culture, literature,
arts, folklore, music, language, society, politics, economics). In other words,
it is an academic discipline that focuses on the study of Korea, which includes the Republic of Korea, the Democratic People's Republic
of Korea, and diasporic Korean populations.
Guidelines for Submission of Papers:
i) Length of the Paper: Not more than 6000 words
ii) Format: MS Word or Hangul Office
iii) Language: Sinhala, English or Korean
iv) Abstract: in Sinhala, English and Korean (Editorial staff may assist you to
compile the Korean abstract, if necessary)
v) Bibliographic Referencing Style: American Psychological Association (APA) Style
vi) Deadline for Submissions: on or before 20th September, 2020
Please submit your manuscript via email
to the following addresses:
Submitted manuscripts will undergo a peer
review process before publishing in this edited volume with an ISBN.
No comments:
Post a Comment