Apr 8, 2025

මාගේ කොරියාවේ උසස් අධ්‍යාපන අත්දැකීම් GKS e-Newsletter හි පළවූ ආකාරය

කොරියාවේ උසස් අධ්‍යාපනය ලැබූ කාලය තුල (2014-2019) මා ලද අත්දැකීම් ඇතුලත් කෙටි ලිපියක් කොරියානු අධ්‍යාපන අමාත්‍යංශයේ GKS e-Newsletter (Vol. 45, 2025) හි ඉංග්‍රීසි සහ කොරියානු භාෂා ද්විත්වයෙන් ම පළවූ ආකාරය.
වෙබ් ලිපිනය : https://www.studyinkorea.go.kr/public/newsletter/202504/sub-3/sub_3.html

Mar 1, 2025

2025 වසරේ කොරියානු අධ්‍යාපන ප්‍රවර්ධන වැඩසටහන්

2025 වසරේ මේ දක්වා ම'විසින් කොරියානු අධ්‍යාපන ප්‍රවර්ධන වැඩසටහන් කිහිපයකට සම්බන්ධ වූයෙමි.
1. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය මගින් සංවිධානය කල, 2025.01.20 දින පැවැත්වූ, GKS ශිෂ්‍යත්ව වැඩසටහන පිලිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය
2. GKS Alumni Association මගින් සංවිධානය කල, 2025.02.18 දින පැවැත්වූ, GKS ශිෂ්‍යත්ව වැඩසටහන පිලිබඳ දැනුවත් කිරීමේ වෙබ් සම්මන්ත්‍රණය

Feb 18, 2024

පශ්චාද් උපාධි සඳහා වන කොරියානු රජයේ ශිෂ්‍යත්වය (GKS Graduate Scholarship) 2024

2024 වර්ෂයේ කොරියානු රජයේ පශ්චාද් උපාධි ශිෂ්‍යත්ව (Master's, PhD) වැඩසටහන සඳහා මේ දිනවල අයදුම්පත් කැඳවනු ලැබ තිබෙනවා. කොරියානු රජයේ අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ඇති 'ජාත්‍යන්තර අධ්‍යාපනය සඳහා වන ජාතික ආයතනය (NIIED)' මගින් ලබාදෙන 'Global Korea Scholarship - GKS' නම් මෙම ශිෂ්‍යත්වය සඳහා පහත ක්‍රම 2න් එක් ක්‍රමයක් හරහා පමණක් අයදුම් කල හැකිය.

1. මෙරට කොරියානු තානාපති කාර්යාලය හරහා අයදුම් කිරීම , හෝ
2. කොරියාවේ විශ්වවිද්‍යාලයක් හරහා අයදුම් කිරීම

මෙය කොරියාවට යාම් ඊම් සඳහා වන ගුවන් ටිකට්පත්, කොරියානු භාෂා පාඨමාලා ගාස්තු / උපාධි පාඨමාලා ගාස්තු / ජිවන වියදම් දීමනා ආදී සියලු වියදම් කොරියානු රජයෙන් දරන පූර්ණ ශිෂ්‍යත්වයකි. මෙවර ශිෂ්‍යත්ව වැඩසටහනේ විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාවට ලබා දී ඇති කෝටාව පසුගිය වසරට වඩා දෙගුණයකින් වැඩි වී තිබීමයි.

ඔබත් දැනට ප්‍රථම උපාධිය (B.A., B.Sc. ආදී) සම්පූර්ණ කල වයස අවු. 40ට අඩු අයෙක් නම් මේ සඳහා අයදුම් කල හැකිය.

මෙරට කොරියානු තානාපති කාර්යාලය හරහා අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: 2024 මාර්තු 03.

වැඩි විස්තර සඳහා ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති කාර්යාලයේ වෙබ් අඩවිය බලන්න: https://overseas.mofa.go.kr/lk-en/index.do

කොරියාවේ විශ්වවිද්‍යාලයක් හරහා අයදුම්පත් භාරගන්නා දින වකවානු තීරණය කරනුයේ ඒ ඒ විශ්වවිද්‍යාල මගින් වන අතර සාමාන්‍යයෙන් පෙබරවාරි-මාර්තු අතර කාලය තුළ අයදුම්පත්‍ර භාරගැනීම සිදු කෙරෙනවා.

Dec 1, 2023

'කොරියානු රජයේ ශිෂ්‍යත්ව වැඩසටහනේ ශ්‍රී ලංකා ප්‍රවර්ධන නියෝජිත' වශයෙන් පත්වීම Appointed as 'GKS Publicity Envoy'

කොරියානු ජනරජයේ අධ්‍යාපන අමාත්‍යාංශයට අනුබද්ධ "ජාත්‍යන්තර අධ්‍යාපනය පිලිබඳ ජාතික ආයතනය (NIIED)" මගින් ඉදිරි වසර 02ක් කාලය සඳහා "කොරියානු රජයේ ශිෂ්‍යත්ව වැඩසටහනේ ශ්‍රී ලංකා ප්‍රවර්ධන නියෝජිත (GKS Publicity Envoy - GKS 홍보사절, 2023-2025)" වශයෙන් මා පත්වීම් ලැබුවෙමි. පත්වීම් සහතිකය ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිතුමිය ගේ සුරතින් කොළඹ කොරියානු තානාපති කාර්යාලයේදී පසුගියදා මා වෙත පිරිනමන්නට යෙදුණි.
The Certificate of Appointment was handed over to the newly appointed GKS Publicity Envoy Dr. Tharanga Ranasinghe by Hon. Ambassador at the Embassy.

Aug 11, 2023

පුද්ගල පෞරුෂත්වය (성격) සම්බන්ධ කොරියානු වචන

චරිත ස්වභාවය හෙවත් පෞරුෂත්වය (personality) පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වූවකි. පුද්ගලයකුගේ චිත්තවේග සහ හැසිරීම් මත පදනම්ව චරිත ස්වභාව ගණනාවක් හඳුනා ගත හැකිය. කොරියානු බසින් පොදුවේ '성격' යන නමින් හඳුන්වන එබඳු චරිත ස්වභාවයන්ගෙන් කිහිපයක් ඒවායේ කොරියානු නාමය සහ ඉංග්‍රීසි/ සිංහල අර්ථය සමඟ හඳුන්වා දීම මෙහි අරමුණයි.

적극적이다: To be proactive, ක්‍රියාශ්‍රීලී/ උද්‍යෝගී
소극적이다: To be passive අකර්මන්‍ය/ නිෂ්ක්‍රිය
긍정적이다: To be positive, ධනාත්මක
부정적이다: To be negative, ඍණාත්මක
활발하다: To be active, ක්‍රියාශ්‍රීලී
조용하다: To be quiet, නිහඬ
성격이 급하다: To be quick tempered, වහා කිපෙන සුළු
느긋하다: To have a relaxed personality, කලබල නැති
꼼꼼하다: To be meticulous, අතිශයින් නිවැරදි වූ/ ඉතා පරීක්ෂාකාරී
덤벙대다: To be careless, නොසැලකිලිමත්/ ප්‍රමාද දෝෂ සහිත
털털하다: To be free and easy-going, කලබල නැති
사교적이다: To be sociable, සමාජශීලී
내성적이다: To be introvert, අන්තර්වර්තික
외성적이다: To be extrovert, බහිර්වර්තික
고집이 세다: To be stubborn, මුරණ්ඩු
이기적이다: To be selfish, ආත්මාර්ථකාමී

Aug 8, 2023

ශරීරාවයව හා සම්බන්ධ කොරියානු රූඪි හෙවත් ඉඟි වැකි (관용구)

භාවිත කෙරෙන වචන වල ප්‍රකටව පෙනෙන අර්ථවලට ඉඳුරාම වෙනස් අර්ථයක් ධ්වනිත වන ලෙස යොදන භාෂාත්මක යෙදුම් රුඪි හෙවත් ඉඟි වැකි නම් වේ. සිංහල භාෂාවේ මේ සඳහා ප්‍රකට උදාහරණ කිහිපයක් ලෙස "කණ කොකා හැඬීම (කරදරවලින් පිරුණු කාලයක් උදා වීම), මඩේ සිටවූ ඉන්න (ස්ථිර අදහසක සිටීමට නොහැකි), දිවෙන් දිව ගාගෙන (ඉතා මිතුරු බැවින් පසුවීම)" ආදිය දැක්විය හැකිය.

වෙනත් ඕනෑම භාෂාවක මෙන් කොරියානු භාෂාවේද මෙවැනි ඉඟි වැකි බොහොමයක් දැකිය හැකිය (한국어 관용 표현). ඒ අතරින් ශරීරාවයව හා සම්බන්ධ කොරියානු රූඪි කිහිපයක් ඒවායේ මුල් ස්වරූපය (කොරියානු බසින්) සහ ඉංග්‍රීසි / සිංහල අර්ථය සහිතව පහත දැක්වේ.

1. 눈이 높다 – To have higher standards or expensive taste than most - තමන්ගේ මට්ටමට වඩා ඔබින දේවල් වලට ආශා වීම
2. 눈에 들다 – To win someone's favor and trust - යමෙකුගේ සිත හෝ විශ්වාසය දිනා ගැනීම
3. 눈에 띄다 – To catch someone’s eye - යමෙකුගේ ඇසට හෝ අවධානයට හොඳින් හසු වීම/ කැපී පෙනීම
4. 눈에서 불이 나다 - To become very angry - අධික ලෙස කෝපයට පත් වීම
5. 눈을 돌리다 – To look away/ turn one's eyes - යමෙකුගේ අවධානය වෙනත් දෙයකට යොමු කිරීම
6. 눈이 맞다 – To understand[read] each other's mind/ fall in love with each other - එකිනෙකා තේරුම් ගැනීම/ ආදරයෙන් බැඳීම
7. 귀가 얇다 – To be gullible, easily influenced by others - පහසුවෙන් රැවටෙන සුළු හෙවත් පහසුවෙන් නොමඟ යැවිය හැකි
8. 귀를 기울이다 – To carefully listen to what others say or stories about others with interest - අන් අය පවසන දේට හොඳින් සවන් දීම
9. 귀에 못이 박히다 – To be tired of hearing something; to have heard something too much already - යමක් පිළිබඳව දැනටමත් ඕනෑවට වඩා අසා තිබීම නිසා වෙහසට පත් වීම
10. 귀가 가렵다 – To feel like someone is talking about you (ears are itchy) - යමෙකු තමන් පිලිබඳ (ඕපාදූප) කතාකරන්නේය යන හැඟීම
11. 코가 높다 – To act proud - ආඩම්බරයෙන් කටයුතු කිරීම
12. 어깨가 무겁다 – To bear heavy responsibility - මහත් වගකීමක් උරහිස මත පවරාගෙන කටයුතු කිරීම
13. 입을 맞추다 – To put words together/ to kiss - එකම දේ පැවසීම මගින් එකඟතාව පළ කිරීම / හාදු දීම
14. 입이 무겁다 – To keep secrets well/ doesn’t talk a lot - හොඳින් රහස් රැකීම / වැඩිය කථා නොකිරීම
15. 입이 벌어지다- To be very surprised or pleased - ඉමහත් විමතියට හෝ සතුටට පත් වීම
16. 입이 짧다 – To little eat - ආහාර රුචිය අඩු වීම
17. 손이 맵다 – To have hands that hurt even if only slightly hitting someone - යන්තම් පහර දුන්නත් දැඩි වේදනා ගෙනදෙන ස්වභාවයේ දෑතක් තිබීම
18. 손이 크다 – To give generously, especially when spending money - මුදල් අත දිග හැර වියදම් කිරීම
19. 눈/귀/손에 익다 – To feel like you've seen (familiar) someone/ something before - යමෙකු/ යමක් මීට පෙර දැක හුරු පුරුදු බව
20. 발이 넓다 – To know a lot of people, to have friends in a lot of places - බොහෝ දෙනෙකුව දැන හැඳින සිටීම
21. 마음을 놓다- To not worry, put one’s mind at ease - කරදර, සිත් තැවුල් ඉවතලා සැහැල්ලුවෙන් සිටීම
22. 마음을 먹다- to make up one's mind; to be determined; to set your mind to - යමක් කිරීමට අධිෂ්ඨානයක් ඇති කර ගැනීම
23. 마음을 열다- To have an open mind - යමෙකුට/ යමක් පිළිබඳව විවෘතව සහ නිදහසේ කථා කිරීම
24. 머리가 나쁘다 – To be stupid - සිහි විකලෙන් මෙන් අඥාන ලෙස කටයුතු කිරීම
25. 얼굴이 두껍다 – To be shameless - තම වැරදි පිළිබඳ විළිලජ්ජා නැති ලෙස හැසිරීම
26. 얼굴이 뜨겁다 – To feel embarrassed - මහත් අපහසුතාවයකට පත් වීම
27. 엉덩이가 가볍다 – To be unable to bear sitting in one place for a long time and to leave that place soon / change jobs frequently - එක තැනක වැඩි කලක් රැඳී සිටීමේ නොහැකියාව / නිතර රැකියාව මාරු කිරීම
28. 엉덩이가 근질근질하다 – Be impatient, restless - නොසන්සුන් බව
29. 엉덩이가 무겁다 – Be lazy - අලස / කම්මැළි බව
30. 꼬리를 감추다 – To disappear / to run away - සැඟවී පළා යාම
31. 꼬리를 잡다 – To discover the hidden mistakes of another - යමෙකුගේ සැඟවුණු අඩු පාඩු අනාවරණය කර ගැනීම
32. 꼬리를 치다/흔들다 – An act of flattery or enticement / flatter or butter up a person - බොරු ප්‍රශංසාවෙන් හා චාටු බසින් යමෙකුව පොළඹවා ගැනීමට උත්සහ කිරීම

Jul 3, 2023

ප්‍රයෝගික කොරියානු වචන මාලාව 1 : කාලගුණය සම්බන්ධ වචන

ප්‍රයෝගික කොරියානු වචන මාලාව 1 යටතේ අද අපි කාලගුණය, දේශගුණය, ඍතු භේදය, සහ වායුගෝලය සම්බන්ධ කොරියානු වචන හඳුනා ගැනීමට උත්සාහ කරමු.

කාලගුණය යන්න හැඳින්වීමට කොරියානු බසින් 날씨, 기상 හෝ 일기 යන වචන භාවිත වේ. කාලගුණ වාර්තාව හඳුන්වනුයේ 기상 예보 හෝ 일기 예보 වශයෙනි. කෙසේ වෙතත් ඒ සඳහා 날씨 예보 යන යෙදුම කිසි සේත්ම භාවිත නොවේ.
ඍතු සඳහා භාවිත නාම:

계절 - ඍතුව
봄 - වසන්ත ඍතුව
여름 - ගිම්හාන ඍතුව
가을 - ශරත් ඍතුව
겨울 - සිසිර ඍතුව (සීත ඍතුව)
사계절 - ඍතු හතර
කාලගුණය සම්බන්ධ වචන මාලාව:

온도/기온 - උෂ්ණත්වය
영하 - ඍණ (උෂ්ණත්වය)
최고 - උපරිම (උෂ්ණත්වය)
최저 - අවම (උෂ්ණත්වය)
기후 - දේශගුණය
구름 - වලාකුළු
바람 - සුළඟ
비 - වැස්ස
소나기 - වැස්ස
이슬비 - පොද වැස්ස
폭우 - ධාරානිපාත වර්ෂාව
호우 주의보 - තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීම
홍수 - ගංවතුර
장마 - වැසි සමය
첫눈 - පළමු හිම පතනය
폭설 - දැඩි හිම පතනය
번개 - අකුණු
천둥 - අහස ගෙරවීම
태풍 - සුළි කුණාටුව
안개 - මීදුම
맑다 - පැහැදිලි (අහස)
흐리다 - වලාකුළින් බර/ අඳුරු (අහස)
상쾌하다 - නැවුම්/ සෞම්‍ය (කාලගුණය)
시원하다 - සිසිල් (කාලගුණය)
춥다 - සීතල
덥다 - උණුසුම්
열대야 - නිවර්තන රාත්‍රිය
온도계 - උෂ්ණත්වමානය
섭씨 - සෙල්සියස් (°C)
화씨 - ෆැරන්හයිට් (°F)
습도 - ආර්ද්‍රතාව
삼복 - (복날, 초복, 중복 යනුවෙන් හැඳින්වෙන) වසරේ උණුසුමින් වැඩිම දින තුන

Jun 28, 2023

කොරියානුවෝ අද සිට (ජුනි 28) වසරකින් තරුණ වෙති ...

කොරියානුවන්ගේ වයස ගණනය කිරීමේ දී මෙතෙක් අනුගමනය කල සම්ප්‍රදායික ක්‍රමය සහ ජාත්‍යන්තර ක්‍රමය යන ක්‍රම 02 වෙනුවට අද සිට (2023 ජුනි 28) ජාත්‍යන්තර ක්‍රමය පමණක් උපයෝගී කරගැනීමට රජය පියවර ගැනීමත් සමග කොරියානුවෝ මෙතැන් සිට වසරකින් හෝ දෙකකින් තරුණ වීමට නියමිතය. ඒ පසුගිය දෙසැම්බරයේ පාර්ලිමේන්තුවේ දී සම්මත වූ නීතිය අද සිට ක්‍රියාත්මක වීමත් සමගයි.
කොරියාව තුල මෙතෙක් සම්ප්‍රදායිකව පැවති වයස ගණනය කිරීමේ ක්‍රමය (한국 나이, Korean age) අනුව මව් කුසේ ගතකල කාලය ද ඇතුලත්ව උපතේදී පුද්ගලයෙකුගේ වයස අවුරුද්දක් වශයෙන් සලකන ලද අතර සෑම වසරකම ජනවාරි මස 1 වැනිදා එයට තවත් අවුරුද්දක් එක් කරන ලදී. ඊට අමතරව අනුගමනය කල ජාත්‍යන්තර ක්‍රමය (만 나이/국제 나이, international age) අනුව උපතේදී වයස අවුරුදු බින්දුව (0) ලෙස සැලකූ අතර සෑම උපන්දිනයකදීම එයට තවත් අවුරුද්දක් එක් කරමින් නෛතික සහ වෛද්‍ය ලේඛන සඳහා වයස වශයෙන් භාවිත කරන ලදී.

මෙම තීරණය සමග මෙතෙක් වයස් ක්‍රම 02ක් භාවිතා කල කොරියානුවෝ ජත්‍යන්තර ක්‍රමය පමණක් ඉදිරියට භාවිතා කරනු ඇත. එමගින් වයස ගණනය කිරීම හා බැඳි ඇතැම් ව්‍යාකූලතා සහ සමාජ, ආර්ථික ගැටළු මගහැරෙනු ඇතැයි රජය විශ්වාස කරයි. උදා: රජය මගින් සපයන සහන ලබා ගැනීම, රක්ෂණ ලබා ගැනීම, විශ්‍රාම වැටුප් ලබා ගැනීම ආදී.

කෙසේ වෙතත් දුම්වැටි සහ මත්පැන් මිලදී ගැනීම, අනිවාර්ය අධ්‍යාපනය සහ පිරිමි අයවලුන් සඳහා වන අනිවාර්ය යුධ සේවය ආදිය සඳහා වන වයස් සීමා දැන්ම වෙනස් නොවනු ඇතැයි විශ්වාස කෙරේ.

වයස හා බැඳි වැඩිදුර තොරතුරු

වයස හා බැඳි කොරියානු වචන:

연세 (yeonse) or 세 (se)- වැඩිමහළු අය සඳහා
나이 (nai) or 살 (sal)-සම වයසේ හෝ තමන්ට වඩා වයසින් බාල අය සඳහා

වයස විමසන අයුරු:

몇 살이세요? (myot sariseyo?)
연세가 어떻게 되세요? (yeonsega eotteoke doeseyo?)
나이가 어떻게 되세요? (naiga eotteoke doeseyo?)

පිළිතුරු දෙන අයුරු:

저는 52살입니다 (joneun swindusarimnida, I am 52 years old)
저는 스물여덟 살이세요 (joneun seumulryodol sariseyo, I am 28 years old)

*මීට අමතරව ඔබගේ උපන් වර්ෂය කුමක්ද? [What year were you born? 몇 년생이세요?(myeot nyeonsaengiseyo?)] වශයෙන් ද වයස විමසනු දැකිය හැකිය.එවිට 1997년생이요 (chongubaekkkusipchilrnyeonsaengiyo, I was born in 1997, මම ඉපදුණේ 1997 වසරේ) යනාදී වශයෙන් පිළිතුරු ලබා දෙයි.

**තවද සම වයසේ අයව 동갑 (donggap) ලෙස හඳුන්වයි. ඒ අනුව "우리는 동갑이다" (urineun donggabida, we are the same age, අපි එකම වයසේ) යන යෙදුම නිතරම අසන්නට ලැබේ.

***යමෙකු තම උපන්දිනයේදී වසරකින් වයසට යන විට 난 이제 한 살 더 먹었다 (I am now a year older) වශයෙන් පවසනු දැකිය හැකිය.

Jun 26, 2023

කොරියානු ප්‍රස්තාව පිරුළු (Proverbs, 속담) - 8

ප්‍රස්තාව පිරුළ: 하늘의 별 따기

උච්චාරණය (ඉංග්‍රීසි/ සිංහල): Haneure byeol ttagi, හනරෙ ප්යොල් තගි

ඉංග්‍රීසි අර්ථය: It is (like) picking a star from the sky

සිංහල අර්ථය: අහසේ තිබෙන තරුවක් කඩාගන්නවා වගේ

ප්‍රස්තාව පිරුළේ අදහස: යමක් ලබා ගැනීම හෝ ළඟා කරගැනීම ඉතා අසීරු විට මෙලෙස පවසයි

වාග් මාලාව:
하늘 [haneul]: අහස
별 [byeol]: තරුව
따기 (따다) [ttagi]: කඩනවා

Jun 22, 2023

කොරියානු ප්‍රස්තාව පිරුළු (Proverbs, 속담) - 7

ප්‍රස්තාව පිරුළ: 칭찬은 고래도 춤추게 한다

උච්චාරණය (ඉංග්‍රීසි/ සිංහල): chingchaneun goraedo chumchuge handa, චින්චනන් කොරේදෝ චුම්චුගෙ හන්දා

ඉංග්‍රීසි අර්ථය: Compliments(praises) can even make the whale dance

සිංහල අර්ථය: ප්‍රශංසාව තල්මසාව ද නටවයි

ප්‍රස්තාව පිරුළේ අදහස: ප්‍රශංසාවට ලක් කිරීම මගින් ඕනෑම අයෙකුව සතුටු කළ හැකිය.

වාග් මාලාව:
칭찬 [chingchan]: ප්‍රශංසාව
고래 [gorae]: තල්මසා
춤추다 [chumchuda]: නටනවා

Jun 20, 2023

කොරියානු ප්‍රස්තාව පිරුළු (Proverbs, 속담) - 6

ප්‍රස්තාව පිරුළ: 사공이 많으면 배가 산으로 간다

උච්චාරණය (ඉංග්‍රීසි/ සිංහල): sagong-i maneumyeon bae-ga san-euro ganda, සාකොන්ගි මනම්යොන් පේගා සනරෝ කන්දා

ඉංග්‍රීසි අර්ථය: If there are many sailors, the boat goes to the mountains

සිංහල අර්ථය: බෝට්ටුකරුවන් බොහෝ දෙනෙකු සිටියි නම් බෝට්ටුව කන්දට ගමන් කරනු ඇත

ප්‍රස්තාව පිරුළේ අදහස: තීරණ ගැනීමට සිටින පිරිස වැඩිනම් කිසිදු කාර්යයක් හරියාකාරව ඉටු නොවනු ඇත.'කෝකියන් වැඩි වූ තරමට සුප් එක නරක්වන තරම ද වැඩිය' යන කියමනට සමාන අර්ථයකි.

වාග් මාලාව:
사공이 (사공) [sagong-i]: බෝට්ටුකරු
많으면 (많다) [maneumyeon]: වැඩිනම්
배가 (배) [bae-ga]: බෝට්ටුව
산으로 (산) [san-euro]: කන්ද
간다 (가다) [ganda]: ගමන් කරනවා

Feb 25, 2023

කොරියානු සහයෝගිතා සමුළුව, කොළඹ, , 2023.02.21

The Expert Seminar on "Korea's Indo-Pacific Strategy and Its Partnership with Sri Lanka" was held at Cinnamon Grand Colombo on 21 February 2023. කොරියානු විදේශ කටයුතු අමාත්‍යංශය සහ ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති කාර්යාලය එක්ව සංවිධානය කළ "කොරියානු සහයෝගිතා සමුළුව" කොරියානු රජයේ විදේශ කටයුතු පිලිබඳ නියෝජ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් 2023 පෙබරවාරි 21 දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හි දී පැවැත්වුණු අතර මා හටද ආරාධිතයෙකු වශයෙන් ඊට සහභාගී වීමේ අවස්ථාව ලැබුණි.

Jan 21, 2023

කොරියානු ප්‍රස්තාව පිරුළු (Proverbs, 속담) - 5

ප්‍රස්තාව පිරුළ: 가는 말이 고와야 오는 말이 곱다

උච්චාරණය (ඉංග්‍රීසි/ සිංහල): ganeun mari gowaya oneun mari gob-dda, කානන් මරි කොවායා ඕනන් මරි කොප්දා

ඉංග්‍රීසි අර්ථය: If the word you say is good, then the word coming back at you is good.

සිංහල අර්ථය: ඔබ පවසන දේ හොඳනම්, ඔබට ලැබෙන ප්‍රතිචාරයද යහපත් වනු ඇත.

ප්‍රස්තාව පිරුළේ අදහස: ඔබ පළමුව අනිත් අයට හොඳින් සැළකුවහොත් අනිත් අයද ඔබට පෙරළා හොඳින් සළකනු ඇත

වාග් මාලාව:
가는 (가다) [ganeun]: යන, පිටවෙන
말 [mal]: වචන
곱다 [gob-dda]: ලස්සණ, කදිම
오는 (오다) [oneun]: (නැවත) එන

Jan 7, 2023

කොරියානු ප්‍රස්තාව පිරුළු (Proverbs, 속담) - 4

ප්‍රස්තාව පිරුළ: 병 주고 약 준다

උච්චාරණය (ඉංග්‍රීසි/ සිංහල): byeong jugo yak junda, ප්යෝන් චුගො යක් චුන්දා

ඉංග්‍රීසි අර්ථය: Giving a disease then giving medicine

සිංහල අර්ථය: (පළමුව) රෝගය දී (දෙවනුව) බෙහෙත් දීම

ප්‍රස්තාව පිරුළේ අදහස: යම් කිසිවෙකු තවත් අයෙකුට මුලින්ම ආපදාවක් හෝ හිරිහැරයක් සිදු කර පසුව ඒ තැනැත්තාට ප්‍රතිකාර කිරීම හෝ උදව් කිරීමට උත්සාහ කිරීමේදී භාවිතා වන පිරුළකි. මුලින් කෙනෙකුට අවමාන කර දෙවනුව ඒ තැනැත්තාවම වර්ණනා කිරීමේ දී යොදා ගත හැකිය.

වාග් මාලාව:
병 [byeong]: රෝගය
주다 [juda]: දෙනවා
약 [yak]: බෙහෙත්

Dec 10, 2022

My recent visit to Korea during November-December 2022

I was invited by the Ministry of Education, Republic of Korea to participate in GKS Alumni Invitation Program 2022 during 27 November-4 December 2022. This is a short video about the program. මාගේ පසුගිය කොරියානු සංචාරය (නොවැම්බර්-දෙසැම්බර් 2022) අළලා කොරියානු රජයේ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සැකසූ වීඩියෝව.

Nov 23, 2022

GKS Alumni Reunion 2022, 22 November 2022

"GKS Alumni Reunion & AGM 2022" organized by the Global Korea Scholarship (GKS) Alumni Association's Sri Lanka Chapter, sponsored by the Korean Embassy in Sri Lanka, was held on 22 November 2022 at the Jetwing Colombo Seven Hotel.

Hon. Ambassador of the Republic of Korea to Sri Lanka, H.E. Santhush Woonjin JEONG graced the event as the Chief Guest while Senior Professor Nilanthi De Silva, Vice Chancellor, University of Kelaniya and Senior Professor H.D. Karunaratne, Vice Chancellor, University of Colombo were the VIP Guests. In addition to that several Deans of Faculties, Librarians, and Professors were invited as Special Guests.

Students of the Korean Language Unit, University of Kelaniya as well as CPI Participants made the event colourful with their cultural performances.

I was awarded a "Letter of Appreciation" by the Hon. Ambassador in appreciation of my contribution to the development of GKS Alumni Association and the promotion of 'Study in Korea' in Sri Lanka, during my tenure as the President of GKS Alumni Association Sri Lanka Chapter.

කොරියානු රජයේ ශිෂ්‍යත්වලාභීන්ගේ ආදී විද්‍යාර්ථි සංගමයේ වාර්ෂික හමුව 2022 නොවැම්බර් 22 දින කොළඹදී පැවැත්වුණි. 2020-2022 කාලය අතරතුර මෙම ආදී විද්‍යාර්ථි සංගමයේ සභාපතිවරයා වශයෙන් ක්‍රියා කරමින් ශ්‍රී ලංකාව තුළ කොරියානු අධ්‍යයන ප්‍රවර්ධනයට දැක්වූ දායකත්වය වෙනුවෙන් එහිදී මා කොරියානු තානාපතිතුමන් ගේ සුරතින් විශේෂ ඇගයීම් සම්මානයට පාත්‍ර වූයෙමි.

Nov 15, 2022

"Feel the real Korea: Virtual Tour 2022" Exhibition

"Feel the real Korea: Virtual Tour 2022" exhibition was launched at the Colombo City Center (CCC) by the Korean Embassy in Sri Lanka on 10th November evening. I represented the Global Korea Scholarship (GKS) Alumni - Sri Lanka Chapter as its current President on invitation of the Korean Embassy. The exhibition will be held from 10-12 Nov. @ CCC.

කොරියානු සංචාරක ප්‍රවර්ධන ප්‍රදර්ශනය, කොළඹ, 10 නොවැම්බර් 2022

Nov 10, 2022

Meeting with Korean Ambassador, 8 November 2022

Last week, I myself and Dr. Aruna Ranaweera (Immediate Past President of GKS Alumni), Dr. Dulshara Sachini Amarasekara (GKS Public Envoy) had a constructive discussion with Hon. Ambassador, H.E. Santhush Woonjin Jeong on future activities of GKS Alumni Sri Lanka Chapter as well on avenues in fostering education cooperation between two countries, at the Korean Embassy.

කොරියානු තානාපතිතුමන් සහ කොරියානු රජයේ ශිෂ්‍යත්වලාභීන්ගේ ආදී විද්‍යාර්ථි සංගමයේ හමුව, කොරියානු තානාපති කාර්යාලය - කොළඹ , නොවැම්බර් 08, 2022

Oct 6, 2022

Korean National Day Celebrations in Colombo, 5 October 2022

Participated in the Korean National Day Celebrations event, on invitation, organized by the Korean Embassy in Sri Lanka, held at the Grand Ballroom, Shangri-la Hotel in Colombo on Wednesday, 5th October evening.

කොරියානු ජාතික දින සැමරුම් උත්සවය, 2022 ඔක්තෝබර් 5

Jul 31, 2022

Korean Ambassador Visits University of Kelaniya, 29 July 2022

Today, H.E. Ambassador of the Republic of Korea visited our university and met the Vice-Chancellor and few other academic staff members. H.E. Ambassador Santhush Woonjin Jeong and Snr. Professor Nilanthi de Silva had a constructive discussion on areas of mutual interest including Korean language and education. I also had the opportunity be a part of this discussion as an academic staff member who completed higher studies in the Republic of Korea. (Picture Courtesy: Korean Embassy's FB Page)

අද දින ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිතුමන් අප කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමිය හමුවී ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් ගැන සාකච්ඡා කරන ලද අතර මා හටද එම අවස්ථාවට සහභාගී වීමට අවස්ථාව ලැබුණි.