Oct 18, 2019

2019 කොරියානු චිත්‍රපට උළෙල (නොවැ. 8-11) 2019 Korean Film Festival (Nov. 8-11)

කොරියානු තානාපති කාර්යාලය මගින් සංවිධානය කරනු ලබන 2019 කොරියානු චිත්‍රපට උළෙල හරහා කොරියානු චිත්‍රපට 04ක් ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන්ට ගෙන එයි. උළෙල නොවැ. 8 දින සිට 11 දින දක්වා කොළඹ ජාතික චිත්‍රපට සංස්ථාවේදී පැවැත්වේ.

එහිදී තිරගත වන චිත්‍රපට මෙසේය.


නොවැ. 9: Stand By Me(2018) aka Deok-gu - ප. ව. 3.00 

නොවැ. 10: Tunnel(2016) - ප. ව. 3.00 

නොවැ. 11: Run-off(2016) aka Take Off 2 - ප. ව. 6.30 


මූලාශ්‍රය: Korean Embassy in Sri Lanka

කොරියා - ආසියාන් විශේෂ සමුළුව නොවැම්බරයේ බූසාන්හි දී Korea-ASEAN special summit to be held in Busan in November

කොරියා - අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය (ආසියාන් ASEAN 동남아시아 국가 연합) අතර සබඳතා ඇරඹී 30 වසරක් පිරීම සමරමින් කොරියා - ආසියාන් විශේෂ සමුළුව නොවැ. 25-26 බූසාන්හි දී පැවැත්වේ. මෙහිදී රාජ්‍ය නායකයෝ කොරියාවේ නව දක්ෂිණ ප්‍රතිපත්තිය (New Southern Policy 신新 남방정책) සමාලෝචනය කර එය කලාපය තුල ව්‍යාප්ත කිරීමේ ශක්‍යතාවය පිළිබඳ අවධානය යොමු කරනු ඇත. ආසියාන් සාමාජික රටවල රාජ්‍ය නායකයෝ 10 දෙනා මීට සහභාගී වෙති.

මීට අමතරව නොවැ. 27 දින බූසාන්හි දී කොරියා-මීකොං (Mekong) සමුළුව ද පැවැත්වේ. ආසියාන් සාමාජික රටවල් අතුරින් වියට්නාමය, තායිලන්තය, මියන්මාරය, ලාඕසය, සහ කාම්බෝජියාව යන රටවල් 5 (මීකොං නදිය ගලා බසිනා රටවල්) මීට සහභාගී වෙයි. කොරියාව සහ මීකොං රටවල් අතර සබඳතා ශක්තිමත් කිරීම මෙම සමුළුවේ අරමුණයි.  

Oct 16, 2019

කොරියානු ආර්ථිකය හරි මඟට - ජනපති මූන් කියයි

දුෂ්කරතා මධ්‍යයේ සිය රටේ ආර්ථිකය හරි මඟට වැටී ඇතැයි දකුණු කොරියානු ජනපතිවරයා පැවසීය. සැප්. 16 වෙනිදා ජනපති මන්දිරයේදී සිය ජ්‍යෙෂ්ඨ ලේකම්වරු අමතමින් ජනපති මූන් වැඩි දුරටත් කියා සිටියේ සිය රජය රැකියා උත්පාදනය සඳහා ප්‍රමුඛත්වය දී ඇති බවත් ඒ සඳහා පසුගිය වසර 2 පුරා දැඩි ලෙස කැප වූ බවත් එහි ප්‍රතිඵලයක් වශයෙන් රැකියා උත්පාදනයෙහි ප්‍රමාණාත්මක සහ ගුණාත්මක වර්ධනයක් ඇති වී තිබෙන බවත් ය.

Statistics Korea හි දත්ත උපුටා දක්වමින් ජනපතිවරයා පෙන්වා දුන්නේ පසුගිය වසරට සාපේක්‍ෂව මේ වසරේ අගෝස්තු මස වන විට සේවා නියුක්තිකයන්ගේ සංඛ්‍යාව 450,000 කින් ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව 1990 වර්ෂයෙන් පසුව වයස අවුරුදු 15-64 පරාසයේ උච්ඡතම සේවා නියුක්ති අගය මෙන්ම අවම රැකියා වියුක්ති අගය මේ වසරේදී වාර්තා වන බවයි. ඒ අනුව මේ වසර සඳහා සිය රජයේ අපේක්ෂිත සේවා නියුක්තිය වූ 150,000 ක රැකියා ප්‍රමාණය ඉක්මවා ඇති බව පැවසූ හෙතෙම ආර්ථිකය ඉහළ නැංවීම සඳහා තම රජය තව දුරටත් කැප වී වැඩකටයුතු කරන බවද වැඩි දුරටත් පැවසීය.

ප්‍රවෘත්ති මුලාශ්‍රය: http://www.korea.net/Government/Current-Affairs/National-Affairs/view?affairId=882&subId=747&articleId=175371

Oct 14, 2019

දකුණු කොරියාවේ ජනගහණ ගැටළුව South Korea's Population Paradox

කිසියම් රටක ආර්ථික තත්ත්වයෙහි ඇතිවන වෙනස්කම් එරට මූල්‍ය තත්ත්වය කෙරෙහි පමණක් නොව ජනගහණය කෙරෙහි ද දැඩි බලපෑමක් එල්ල කරයි.  වේගවත් කාර්මීකරණ හේතුකොටගෙන පසුගිය පරම්පරා තුනක් පුරා දකුණු කොරියාව මහත් ආර්ථික දියුණුවක් ලබා ඇත. එහෙත් ඒ හා සමගාමීව එරට ප්‍රධාන ජනගහණ සංක්‍රාන්තියකට (demographic transition) මුහුණ දී ඇත.

වේගයෙන් වයස්ගත වන ජනගහණය, අඩු උපත් අනුපාතිකය සහ විවාහ වීම ප්‍රතික්ෂේප කරන තරුණ පරපුර යන හේතු කරණ කොටගෙන දකුණු කොරියාව අද වන විට ජනගහණ ප්‍රෙහෙළිකාවකට මුහුණ දී සිටී.

ලොව කුඩාම පවුල් ඒකක අතරින් පළමු තැන ලබා සිටින දකුණු කොරියාවේ කාන්තාවකට සිටින දරුවන් සංඛ්‍යාව 1.1 කි. ඒ අනුව ලොව අඩුම සාඵල්‍යතාවකට හිමිකම් කියනුයේ දකුණු කොරියානු කාන්තාවන් ය.

තවද, නිදහස් ජීවිතයක් ගෙවීමේ අභිලාෂය සහ රැකියාව සඳහා ප්‍රමුඛතාව දීම හේතු කොටගෙන කිසිසේත්ම විවාහ වීමට අකමැති තරුණ ජනගහණය ක්‍රමයෙන් ඉහළ යමින් පවතිනු දැකගත හැකිය. 2015 සංගණන දත්ත අනුව වයස අවුරුදු 25-29 අතර කාන්තාවන්ගෙන් තමන් විවාහකයැයි පවසා සිටියේ 23% ක් පමණි. 1970% දී එම ප්‍රමාණය 90% ක් තරම් ඉහළ අගයක් ගත්තේය.

අනෙක් අතට දකුණු කොරියානුවෝ ලොව ඉහළම ආයු අපේක්ෂාවක් සහිත ජාතීන්ගෙන් එකකි. ලොව ආයු අපේක්ෂාවේ සාමාන්‍යය අගය වයස අවුරුදු 72 ක් වන විට දකුණු කොරියානුවන්ගේ ආයු අපේක්ෂාව වයස අවුරුදු 82 කි. 1950 දශකය මැද භාගය වන විට එරට ආයු අපේක්ෂාව වයස අවුරුදු 42 ක් පමණක් විය.

එපමණක් නොව දකුණු කොරියාවේ ජනගහණය වේගයෙන් වයස්ගත වෙමින් පවතී. 1950දී වයස අවුරුදු 65 ට වැඩි ජනගහණය සමස්ත ජනගහණයෙන් 3% කට අඩු වූ නමුත් 2019 දී එම අගය 15% කි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පුරෝකථනයන්ට අනුව 2060 දශකය මැද  භාගය වන විට වයස අවුරුදු 65 ට වැඩි ජනගහණය සමස්ත ජනගහණයෙන් 40% කට වැඩි වනු ඇත. ඒ හා සමගාමීව ජනගහණය පහත වැටීමද සිදු වනු ඇත.

කෙසේ වුවද අනාගතයෙහි ඇතිවිය හැකි සාඵල්‍යතාවයෙහි වෙනස්කම් සහ ජන සංක්‍රමණ රටාවන්හි වෙනස්කම් අනුව මෙම පුරෝකථන වෙනස් විය හැකිය.

Rapid economic development makes a huge impact on the demographic profile of any country. It is true with the Korean society too. South Korea has the lowest fertility rate in the world (1.1 child per woman). An increasing number of young people are choosing never to marry at all. Further, South Korea has one of the highest life expectancies in the world (82 years). By 2019, the population over 65 years of age is 15% of the total population where the UN predicts that it will increase up to 40% by the mid-2060s.

ප්‍රවෘත්ති මූලාශ්‍රය: https://www.bbc.com/worklife/article/20191010-south-koreas-population-paradox

ඡායාරූප මූලාශ්‍රය: https://www.koreatimes.co.kr/www/nation/2018/09/119_241836.html


Oct 9, 2019

හන්ගුල් දිනය අදයි (ඔක්. 9) Hangul Day (Oct. 9)

සේජෝන් මහ රජු විසින් කොරියානු ඉතිහාසයේ මහත් පෙරළියක් කරමින්  'කොරියානු අක්ෂර මාලාව' හඳුන්වා දුන් දිනය (한글날) අදයි (ඔක්. 9). මෙම පෝස්ටුව ලියන මමත් කියවන ඔබත් සුන්දර කොරියානු භාෂාව හදාරන්නේ එතුමන්ට ස්තූති වන්නටයි. 2013 වසරේ සිට 한글날 යෙදෙන ඔක්. 9 දිනය දකුණු කොරියාව විසින්  ජාතික නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. උතුරු කොරියානුවන් මෙම දිනය 조선글날 යනුවෙන් හඳුන්වන අතර ඔවුන් එම දිනය සමරනුයේ සෑම වසරකම ජනවාරි 15 දිනයි.


Sejong Sillok (세종실록) නම් ඓතිහාසික වාර්තාවට අනුව 15 වන සියවසේදී මෙම අක්ෂර මාලාව මුලින් හඳුන්වා දුන්නේ Hunmin Jeongeum (훈민정음)  නමින්ය. එය සම්පාදනය වූයේ නිවැරදිව අක්ෂර උච්චාරණය කරන අයුරු පිලිබඳ පොදු ජනතාවට උපදෙස් ලබා දීමේ අරමුණිනි.  ලේඛන කලාවේදී එතෙක් චීන අක්ෂර (Hanja) භාවිතා කල කොරියානුවන්ට මෙමගින් වඩාත් සරල හා සුගම, එමෙන්ම විද්‍යාත්මක අක්ෂර මාලාවක් (한글) හිමි වූ අතර එය කොරියානු සමාජයේ සාක්ෂරතාව වර්ධනයට මෙන්ම සමාජ සංවර්ධනයට ද බෙහෙවින් දායක වූවාට සැක නැත. එබැවින් කොරියානුවෝ අදටත් සේජෝන් රජුට මහත් හරසර දක්වති.

ඡායාරූපය:  Hunmin Jeongeum (훈민정음). මූලාශ්‍රය: https://en.wikipedia.org/wiki/Hunminjeongeum

한글날 ජාතික නිවාඩු දිනයක් බවට පත්වීම පිලිබඳව කොරියානු බසින් පළවූ ලිපියක් කියවීම සඳහා පහත සබැඳියාවට පිවිසෙන්න. 
https://www.urimal.org/1809

Sep 28, 2019

'ෂිරම් 씨름' යුනෙස්කෝ අස්පර්ශීය සංස්කෘතික උරුම ලැයිස්තුවට 'Ssireum ' named as UNESCO’s Intangible Cultural Heritage of Humanity

ඉපැරණි කොරියානු මල්ලවපොර ක්‍රීඩාවක් මෙන්ම ජන ක්‍රීඩාවක් වශයෙන් සැලකෙන ෂිරම් (씨름) පසුගියදා යුනෙස්කෝව විසින් අස්පර්ශීය සංස්කෘතික උරුම ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබුවා.  උතුරු-දකුණු කොරියා දෙරටේ ඒකාබද්ධ අයදුම්පතක් වශයෙන් යුනෙස්කෝවට ඉදිරිපත් වූ මෙම යෝජනාව සම්මත වීම දෙරට අතර සබඳතා තව දුරටත් ශක්තිමත් කිරීමට හේතු වනු ඇතැයි  විශ්වාස කෙරෙනවා.

ෂිරම් ක්‍රීඩාව පිලිබඳ වැඩි විස්තරයක් සඳහා පහත ලිපිය කියවන්න:
https://encykorea.aks.ac.kr/Contents/Item/E0034198


The ancient Korean wrestling style and traditional sport 'Ssireum' was recognized as an Intangible Cultural Heritage of Humanity by the UNESCO recently. The acceptation of joint application of two Koreas to obtain the inscription of their common traditional sport on the UNESCO's representative list has raised hopes for improved relations between the North and the South.

For more information on 'Ssireum' please refer to the following article:
https://encykorea.aks.ac.kr/Contents/Item/E0034198

ප්‍රවෘත්ති  මූලාශ්‍රය (News source): https://koreana.or.kr/user/0014/nd85454.do?View&boardNo=00002358&zineInfoNo=0014&pubYear=2019&pubMonth=SUMMER&pubLang=English

ඡායාරූප මූලාශ්‍ර (Photo sources): http://korea.net/NewsFocus/Culture/view?articleId=165752https://en.wikipedia.org/wiki/Ssireum#/media/File:Danwon-Ssireum.jpg

Jan 14, 2019

කොරියානු ජාතික උරුම පෝර්ටලය Korean National Heritage Portal 국가문화유산포털

කොරියාව යනු සංස්කෘතික හා ස්වභාවික උරුමයන්ගෙන් පොහොසත් දේශයකි. එමෙන්ම එකී උරුමයන් මනාව සංරක්ෂණය කර අනාගත පරපුර වෙත දායාද කිරීම මෙන්ම සිය ජාතික උරුමයන් ලොව පුරා ප්‍රවර්ධනය කිරීම අතින් ද කොරියාව ඉදිරියෙන්ම සිටියි. මෙම වෙබ් අඩවිය හරහා ඔබට කොරියාවේ ජාතික උරුමයන් පිලිබඳ සවිස්තරාත්මක තොරතුරු ලබා ගත හැකිය. යුනෙස්කෝ (UNESCO) ලෝක උරුම, අස්පර්ෂීය මානව සංස්කෘතික උරුම, ලෝක මතකය යනාදියෙහි ලියාපදිංචි වූ කොරියානු සංස්කෘතික හා ස්වභාවික උරුමයන් ද ඇතුළුව කොරියාව පුරා විසිර ඇති ජාතික උරුමයන් පිලිබඳ විස්තර සිතියම්, ඡායාරූප, වීඩියෝ ආදී බහු මාධ්‍ය ඔස්සේ ආකර්ශනීය ලෙස ඉදිරිපත් කරයි. සියලු දෙනා තුල කොරියානු උරුමය පිලිබඳ පුළුල් දැනුමක් ඇති කිරීම මෙමෙ වෙබ් අඩවියේ අරමුණයි. 

වෙබ් අඩවියට පිවිසීම: http://www.heritage.go.kr/

ඊට අමතරව කොරියානු ඉතිහාසය හා සම්බන්ධ තොරතුරු මෙන්ම ත්‍රිමාණ තොරතුරු ද ලබා ගත හැකිය. කොරියානු භාෂාවට අමතරව ඉංග්‍රීසි, චීන, ජපන් භාෂාවන්ගෙන් ද තොරතුරු ලබා ගත හැකිය.

සම්බන්ධිත වෙබ් අඩවි: http://www.k-heritage.tv/

Korea is rich of cultural and natural heritages. The Country well preserves its' heritages for the prosterity while promoting them all over the World. The 'Korea National Heritage Online' is a web portal which provides comprehensive information on Korean national heritages including UNESCO World Heritages (World Heritage, Intangible Cultural Heritage of Humanity, Memory of the World). The web portal consists of information including photographs, videos, 3D simulation vidoes, maps, etc. The website is divided into three sections: 'Learning' (배우고), 'Heritage Tours' (보고), and 'Cultural Experience' (느끼고). Information also available in English, Chinese and Japanese languages. 

Follow this link to access the website: http://www.heritage.go.kr/

Dec 24, 2018

KBS ඓතිහාසික වාර්තාමය වැඩසටහන් පෝර්ටලය - KBS History Portal (역사포털)

කොරියානු ගුවන්විදුලි හා රුපවාහිනී ජාලය (KBS) මගින් KBS History Portal (KBS역사) නමින් කොරියානු ඉතිහාසය පිළිබඳ වාර්තාමය වැඩසටහන් ඇතුළත් විශේෂ වෙබ් අඩවියක් 2015 ජනවාරි 1 දින සිට හඳුන්වා දෙනු ලැබීය. මේ හරහා ඔබට KBS මගින් විකාශය කළ ජනප්‍රිය රුපවාහිනී වාර්තා වැඩසටහන් රැසක් නැරඹිය හැක. ඓතිහාසික කාල වකවානුව (시대), භූගෝලීය කලාපය (지리), පුද්ගලයන් (인물) සහ ලේඛන (기록) වශයෙන් ප්‍රධාන ක්ෂේත්‍ර 04ක් යටතේ වැඩසටහන් වර්ග කර තිබේ. Yi Soon Shin (이순신), Jeong DoJeon  (정도전) වැනි ජනප්‍රිය ඓතිහාසික ටෙලිනාට්‍ය ද නැරඹිය හැක. ඔබගේ facebook ගිණුම හරහා වෙබ් අඩවියට පහසුවෙන් පිවිසිය හැකිය. 
The Korea Broadcasting System (KBS) launched its' history documentary website 'KBS History Portal - 역사포털' on January 1st, 2015. You can access number of history TV documentaries there, mainly categorized under: period (시대), area (지리), persons (인물) and records (기록). Also famous historical soap-opera such as Jeong Do-jeon (정도전) and Yi Soon Shin (이순신) can be viewed. You may log-in the site simply using your facebook account.

Mar 25, 2016

Let's Explore 'Play Library' at the Asia Culture Center

 

Play Library at ACC Children!

Children are the future of our world. Having recognized the importance of children in Asia’s future, Asia Culture Center (ACC) has allocated one of its’ five major facilities for children called as ‘ACC Children’. It is considered the biggest culture space for children in Korea. As our children are living in an age of cultural diversity, ACC Children serves as a futuristic culture space by providing opportunities for them to experience creative, interactive and unique cultural activities through development of various contents that utilize a wealth of cultural resources of Asia.

Childhood is the best time to inculcate reading habit and love for books. However it has to be done systematically and carefully. Play Library at ACC Children is the best place for that. Today I will accompany you to the Play Library, a space which increases children’s creativity and imagination through a wide range of reading materials, educational programs and cultural activities. 
 
ACC Children Play Library is a well-organized library located in basement second floor (B2F) of ACC Children. It houses over 6000 children’s books related to various disciplines, and the collection spans from the arts to sciences. The texts accompanied by colorful pictures attract little readers. Books are classified into subject categories using Korean Decimal Classification (KDC), a library classification system used by about 70% of public libraries in Korea. The books are catalogued and are searchable via the computer terminals located in the library. I could see a mother teaching her kid how to search for a books through the online catalogue. This kind of exposure to a well-organized library from the childhood would train children in using bigger academic and research libraries in future.

 
When I visited there on a Saturday afternoon, Library was full of children of all ages ranging from toddlers to young teens. I could see a middle school student quietly reading on the floor. He said that he comes to Play Library on his own during weekends by taking the city bus. However, most of the children were accompanied by their parents. When I approached a father of two daughters of 6 and 8 years, he told that he comes to the library twice a month with children. Although the family regularly use the nearby municipal library, they prefer Play Library at ACC Children as it has a bigger collection as compared to other libraries in the City and offers various activities for children. By recalling his memories, this father told me that libraries during his childhood were merely reading rooms. He considers Play Library as a space where his children can play and rest while enjoying a range of reading related activities. 
 
Interior at Play Library are carefully designed for little minds and ensure the safety of children. Although it is located in the basement, adjoining open passage with bamboo trees still bring sunlight into the Play Library. Along with that, the wooden floor and furniture creates a sense of bright and natural environment within it. Play Library at ACC Children encourages the culture of ‘reading together’ or ‘family reading’ where parents read for or read with their children. This is known as a powerful tool motivating your child to read.
 
Play Library at ACC Children is not merely a reading space. It has various programs and activities to increase your child’s creativity and imagination. For an example, monthly reading themes such as ‘Animals around the World’ teaches students about native animals in various countries using visual aids such as images, videos and maps. At the end of the learning process, children make their own globe by drawing world map and painting native animals of each country (i.e. Pandas in China, Kangaroos in Australia) on it. Dozens of such globes are displayed on the bookshelves of the Play Library. Another program teaches children about ‘Hats in Asia’. Children can also try on hats of various Asian countries and the programs ends with creating a hat of a preferred country. These programs are facilitated by well-qualified Children’s Librarians with a background of child education. 

Most importantly Play Library is accessible to anyone, regardless of age or nationality, for FREE of charge! Therefore Play Library at ACC Children is undoubtedly the best places in Gwangju to spend free time with your kid in a meaningful way.
 
Written & Photography: Tharanga Ranasinghe, 9th ACC Reporters Corps

Dec 24, 2015

සංස්කෘතික සහයෝගිතා වැඩසටහන-කොරියානු සංස්කෘතික, ක්‍රීඩා සහ සංචාරක අමාත්‍යංශය Cultural Partnership Initiative of The Ministry of Culture, Sports and Tourism

කොරියානු සංස්කෘතික, ක්‍රීඩා සහ සංචාරක අමාත්‍යංශය අනුබද්ධ කොරියානු සංස්කෘතික සහ සංචාරක ආයතනය  (KCTI) මඟින් 2005 වසරේ සිට පවත්වාගෙන යන සංස්කෘතික සහයෝගිතා වැඩසටහන (CPI) පසුගිය 2015 ඔක්තෝබර් මාසයේදී එහි දස වන සංවත්සරය සොඋල් නගරයේදී පවත්වන ලදී. සෑම වසරකදී ම ආසියා, අප්‍රිකා, ලතින් ඇමෙරිකානු රටවල තරුණ වෘත්තිකයන් සහ ශිල්පීන් සඳහා අමාත්‍යංශය යටතේ පවතින ආයතනයන්හි  (උදා: ජාතික පුස්තකාලය, ජාතික ජන කලා කෞතුකාගාරය, Kukkiwon ටයිකොන්ඩෝ ආයතනය, යනාදී) සයමාසික පහුණු පාඨමාලා සඳහා පුර්ණ ශිෂ්‍යත්ව පිරිනැමේ. කොරියානු භාෂා පුහුණුව, සිය විශේෂඥ විෂය ක්ෂේත්‍රය ට අදාළ පුහුණුව, සංස්කෘතික හුවමාරු, අධ්‍යයන චාරිකා ආදියෙන් වැඩසටහන සමන්විතය.

The Korean Culture and Tourism Institute (KCTI), affiliated to the Ministry of Culture, Sports and Tourism of Korea organizes the Culture Partnership Initiative (CPI) program whichinvites young professionals and artists from Asia, Africa and Latin America for the Institutes (i.e. National Library of Korea, national Folk Museum, Kukkiwon Taekowondo Institute) under the Ministry since year 2005. The program celebrated its'  10th anniversary in October 2015 in Seoul. The six month full-scholarship program is consisted of Korean language course, Training on specialized area, Cultural exchanges and Cultural field trips.

CPI වෙබ් අඩවිය:  http://www.culturefriends.or.kr/index.do

ජාතික පුස්තකාලයෙහි CPI වැඩසටහන පිලිබඳ පල වූ ලිපියක් : http://wl.nl.go.kr/user/0009/nd44220.do?View&boardNo=00000007

Jan 27, 2014

කොළඹ මහජන පුස්තකාලයෙහි 'කොරියානු සංස්කෘතික මධ්‍යස්ථානයක්' විවෘත කෙරේ - 'Korea Corner' opens at Colombo Public Library

කොළඹ මහජන පුස්තකාලයෙහි දෙවෙනි මහලෙහි Korea Corner නමින් කොරියානු සංස්කෘතික මධ්‍යස්ථානයක් අද දින (ජනවාරි 27) උත්සවාකාරයෙන් විවෘත කෙරුණි. කොරියානු ජනරජයේ පරිත්‍යාගයක් වන මෙය කොරියානු භෂාව, කලාව, සංස්කෘතිය, ජනප්‍රිය කලාව (popular arts) අධ්‍යයනය කරන ශ්‍රී ලාංකික ප්‍රජාවට මහඟු සම්පතකි. විශේෂයෙන්ම ඉහත සඳහන් කළ විෂයයන් පිළිබඳ වටිනා DVD සහ නවතම පොත් එකතුවක් මෙහි අන්තර්ගත වේ. මේ දිනවල මෙරට ඉතා ජනප්‍රිය කොරියානු රුපවාහිනී ටෙලි නාට්‍ය  ඔබට මෙහිදී නැරඹිය හැකිය.
 
‍ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති කාර්යාලය හා කොළඹ මහා නගර සභාව එක්ව දෙරට අතර සංස්කෘතික සහයෝගිතාවය වර්ධනය කිරීමේ අරමුණින් මෙම මධ්‍යස්ථානය පිහිටුවා ඇත .
 
ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති ගරු Jongmoon Choi මැතිතුමා හා කොළඹ නගරාධිපති ගරු ඒ. ජේ. එම්. මුසම්මිල්  මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා තවත් විශාල සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් සමාරම්භක උළෙල පැවැත්වුණි.

Dear Korean Studies students,

Korea Corner (a Korean Cultural Centre) was declared open at the Colombo Public Library with the participation of H.E. Jongmoon Choi, Ambassador of the Republic of Korea and His Highness A.J.M. Muzammil, Mayor of Colombo today (27th Jan.).
 
This center is established in collaboration between the Embassy of the Republic of Korea in Sri Lanka and the Colombo Municipal Council with the aim of enhancing cultural ties between two nations. The Centre has hundreds of DVDs and books related to Korean language, culture, popular arts including Korean pop culture.

This cultural centre can be considered as a real asset to Sri Lanka and I really encourage you to get maximum use of it.

මේ හා සබැඳි වැඩි දුර තොරතුරු සඳහා (for more information, follow the links): 

- FT News, Jan. 28
- Daily Mirror, Jan. 28

[Picture source: http://www.colombopubliclibrary.org/]

Jun 13, 2013

"කොරියානු රළ" (한류) කොරියානු භාෂාව ලොව පුරා ප්‍රචලිත කිරීමට දායක වෙයි

"කොරියානු රළ" (Korean Wave - 한류) යනු කොරියානු ජනප්‍රිය කලා මාධ්‍ය (ටෙලි නාට්‍ය, ගීත ආදිය) ලොව පුරා පැතිරීම හා ජනප්‍රිය වීමේ සංසිද්ධිය හඳුන්වන නාමයකි. එය කොරියානු සංස්කෘතිය ලොව පුරා ජනප්‍රිය වීමට ප්‍රබල ලෙස බලපා ඇත.
 
"කොරියානු රළ" හුදෙක් කොරියානු සංස්කෘතිය පමණක් නොව කොරියානු භාෂාව ද ලොව පුරා ප්‍රචලිත කිරීමට ප්‍රබල දායකත්වයක් ලබා දී ඇතැයි කොරියානු සංස්කෘතික අමාත්යංශය උපුටා දක්වමින් The Korea Herald පුවත්පත මෑතක දී පැවසීය.
 
ඒ අනුව 2007 දී 13 ක් වූ King Sejong මධ්‍යස්ථාන 2012 වන විට 90 ක් දක්වා වර්ධනය වී ඇත. තවද, එම කාලය තුළ එම ආයතනයන්හි කොරියානු භාෂාව හදාරන සිසුන්ගේ සංඛයාව 740 සිට 16,590 දක්වා වැඩි වී ඇත.
 
කොරියානු රජයේ වාර්තාවන්ට අනුව 1997 වසරේ විභාගය ආරම්භ වූ දා සිට 2013 වසර වන විට කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය (TOPIK) ට අයදුම් කළ අයදුම්කරුවන් ගණන මිලියනය ඉක්මවා ඇත. තවද, ලොව පුරා විශ්වවිද්‍යාල 840 ක පමණ 'කොරියානු අධ්‍යයන' හෝ 'කොරියානු භාෂා' අධ්‍යයන අංශ පිහිටුවා ඇත.
 
මේ පිළිබඳ පුවත්පත් වාර්තාව පහත සබැඳියාව හරහා කියවන්න:
 
Hallyu fuels Korean language boom abroad (The Korea Herald, 29.04.2013)
 
"කොරියානු රළ" පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට පහත විකීපීඩියා ලිපිය කියවන්න:

Wikipedia Article on 'Korean Wave'