Jan 27, 2014

කොළඹ මහජන පුස්තකාලයෙහි 'කොරියානු සංස්කෘතික මධ්‍යස්ථානයක්' විවෘත කෙරේ - 'Korea Corner' opens at Colombo Public Library

කොළඹ මහජන පුස්තකාලයෙහි දෙවෙනි මහලෙහි Korea Corner නමින් කොරියානු සංස්කෘතික මධ්‍යස්ථානයක් අද දින (ජනවාරි 27) උත්සවාකාරයෙන් විවෘත කෙරුණි. කොරියානු ජනරජයේ පරිත්‍යාගයක් වන මෙය කොරියානු භෂාව, කලාව, සංස්කෘතිය, ජනප්‍රිය කලාව (popular arts) අධ්‍යයනය කරන ශ්‍රී ලාංකික ප්‍රජාවට මහඟු සම්පතකි. විශේෂයෙන්ම ඉහත සඳහන් කළ විෂයයන් පිළිබඳ වටිනා DVD සහ නවතම පොත් එකතුවක් මෙහි අන්තර්ගත වේ. මේ දිනවල මෙරට ඉතා ජනප්‍රිය කොරියානු රුපවාහිනී ටෙලි නාට්‍ය  ඔබට මෙහිදී නැරඹිය හැකිය.
 
‍ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති කාර්යාලය හා කොළඹ මහා නගර සභාව එක්ව දෙරට අතර සංස්කෘතික සහයෝගිතාවය වර්ධනය කිරීමේ අරමුණින් මෙම මධ්‍යස්ථානය පිහිටුවා ඇත .
 
ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති ගරු Jongmoon Choi මැතිතුමා හා කොළඹ නගරාධිපති ගරු ඒ. ජේ. එම්. මුසම්මිල්  මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා තවත් විශාල සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් සමාරම්භක උළෙල පැවැත්වුණි.

Dear Korean Studies students,

Korea Corner (a Korean Cultural Centre) was declared open at the Colombo Public Library with the participation of H.E. Jongmoon Choi, Ambassador of the Republic of Korea and His Highness A.J.M. Muzammil, Mayor of Colombo today (27th Jan.).
 
This center is established in collaboration between the Embassy of the Republic of Korea in Sri Lanka and the Colombo Municipal Council with the aim of enhancing cultural ties between two nations. The Centre has hundreds of DVDs and books related to Korean language, culture, popular arts including Korean pop culture.

This cultural centre can be considered as a real asset to Sri Lanka and I really encourage you to get maximum use of it.

මේ හා සබැඳි වැඩි දුර තොරතුරු සඳහා (for more information, follow the links): 

- FT News, Jan. 28
- Daily Mirror, Jan. 28

[Picture source: http://www.colombopubliclibrary.org/]