May 31, 2013

'කොරියානු අධ්‍යයන ප්‍රවර්ධන' සම්මන්ත්‍රණය - 'Promotion of Korean Studies' Conference

දකුණු ආසියාව තුළ කොරියානු අධ්‍යයන ප්‍රවර්ධනය (Promotion of Korean Studies in India & South Asia) යන මැයෙන් ඉන්දියාවේ ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලය, කොරියාවේ කොරියානු අධ්‍යයන ඇකඩමිය හා කැලණිය විශ්වවිද්‍යාලය එක්ව සංවිධානය කළ සම්මන්ත්‍රණය මැයි මස 30 - 31 දෙ දින කොළඹදී පැවැත්වුණි. කොරියානු අධ්‍යයනයන්ට අදාළව භාෂාව, සංස්කෘතිය, ඉතිහාසය, ද්වි පාර්ශවික ආර්ථික/දේශපාලන සබඳතා, භාෂාව ඉගැන්වීම, බුදුදහම ආදී විෂයයන් යටතේ පර්යේෂණ පත්‍රිකා රැසක් ක්ෂේත්‍රයේ විද්වතුන් විසින් ඉදිරිපත් කරන ලදී.

The 3rd International Conference on 'Promotion of Korean Studies in India & South Asia' organized by the Centre for Japanese, Korean & North East Asian Studies of Jawaharlal Nehru University in India and Academy of Korean Studies in Korea in collaboration with University of Kelaniya, Sri Lanka was held on 30 - 31st May 2013 in Colombo.

The Conference was attended by eminent scholars who came from Korea & South Asian Nations such as India, Bangladesh & Sri Lanka. Number of valuable research papers related to Korean studies including language, culture, history, literature, bi-lateral economic/political relations, Budddhism were presented during the Conference. Fruitful discussions enriched the conference and future plans for promotion of Korean studies in the region were also discussed in length.

May 28, 2013

කොරියානු බහු මාධ්‍ය ශබ්දකෝෂය - Korean Multimedia Dictionary

ඇමරිකාවේ ඉන්දියානා විශ්ව විද්‍යාලය මගින් සංවර්ධනය කළ මෙම බහු මාධ්‍ය ශබ්දකෝෂය කොරියානු භාෂාව හදාරන ආධුනිකයන්ට අතිශය ප්‍රයෝජනවත්ය. පිංතූර ශබ්දකෝෂයක් වන මෙහි වචන මාතෘකා (categoties) 40 ක් යටතේ බෙදා දක්වා ඇත. උදා: පවුල (family - 가족), කාලගුණය (weather - 날씨), සතුන් (animals - 동물). ඊට අමතරව ඉංග්‍රීසි හා කොරියානු අකාරාදිය අනුව ද වචන පෙළ ගස්වා (word list) ඇත. සෑම වචනයක් සඳහාම රූප ඉදිරිපත් කර එති අතර රූපය මතට මවුසය (mouse) ගෙන ගිය විට රුපයට අදාළ වචනය කොරියානු බසින් තිරය මත දර්ශනය වේ. රූපය මත එබූ (click) විට එම වචනය කොරියානු බසින් උච්‍ඡාරණය කරන අයුරු ශ්‍රවණය කළ හැකිය. කෙසේ වුවද මෙහි අන්තර්ගත වනුයේ වචන 460 ක් පමණ සුළු ප්‍රමාණයකි. මෙම ශබ්දකෝෂය භාවිත කිරීම සඳහා ඔබ පරිගණකයෙහි ඇඩෝබි ෆ්ලෑෂ් ප්ලේයර් (Adobe Flash Player) තිබිය යුතුය. එය download කිරීමට http://get.adobe.com/flashplayer/සබැඳියාව භාවිත කරන්න.

බහු මාධ්‍ය ශබ්දකෝෂය ට පිවිසීමට: http://www.indiana.edu/~koreanrs/kordic.html

This Multimedia Dictionary is developed by the Indiana University in USA. This is very useful for beginners of Korean language. This is a picture dictionary and the terms are categorized under 40 topics. i.e. Family (가족), Weather (날씨), Animals (동물). In addition, terms are listed according to English/Korean alphabetical orders. Each term has a picture and when you move your mouse on it, it will display the relevant word in Korean language. When you click on the picture, you can listen the pronunciation of that word in Korean. However, this dictionary includes only about 460 terms. Also you need 'Adobe Flash Player' on your computer to read this dictionary. Download Adobe Flash Player here :  http://get.adobe.com/flashplayer/
 
Link to the Multimedia Dictionary: http://www.indiana.edu/~koreanrs/kordic.html
 

May 22, 2013

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය (TOPIK) ගැන දැන ගනිමු!

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය දෙයාකාරයකින් පැවැත්වේ. ඒ සම්මත (Standard TOPIK) හා ව්යාපාරික (Business TOPIK) වශයෙනි. කොරියාවේ උසස් අධ්‍යාපනය ලැබීමට අහහස් කරන ඔබ S-TOPIK සඳහා පෙනී සිටිය යුතුය. මෙම විභාගය කොරියාවේ 'ජාත්‍යන්තර අධ්‍යාපනය සඳහා වන ජාතික ආයතනය (NIIED)' මගින් අධීක්ෂණය කරන්නකි.

S-TOPIK මට්ටම් 03 කින් සමන්විතය. ඒ beginner (ප්‍රාරම්භ), intermediate (අන්තර්-මධ්‍යම) හා advanced (උසස්)වශයෙනි. මෙම විභාගය පිලිබඳ පුර්ණ තොරතුරු ඔබ වෙත ලබා දීමේ අරමුණින් NIIED විසින් www.topik.go.kr නමින් විශේෂිත වෙබ් අඩවියක් පවත්වාගෙන යයි.මෙය ඉංග්‍රීසි ඇතුළු භාෂා ගණනාවකින් පරිශීලනය කල හැක.

විභාගය පිලිබඳ හැඳින්වීම, එහි සංයුතිය, සමාර්ථ මට්ටම්, විභාගය පැවැත්වෙන කාල වකවානු, ප්‍රතිපල නිකුත් කරන දිනයන් ආදී වැදගත් තොරතුරු රැසක් මෙහි ඇතුළත්ය. විශේෂයෙන්ම Download Previous Tests හරහා පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර ඔබට බාගත (download) හැකිය. විභාගයේ 'අසා ලිවීම' (듣기) කොටසට අයත් හඬ පට (listening files) ද ඔබට බාගත හැකිය.

එබැවින් TOPIK සඳහා සුදානම් වන ඔබට මෙම වෙබ් අඩවිය මා නිර්දේශ කරමි.

[Click 'Read More' for the English version of this post]

May 21, 2013

PICTORI : Korean Media Library

PICTORI යනු කොරියානු ඉතිහාසය හා සංස්කෘතිය පිළිබද පැරණි/දුර්ලභ හා නවීන ඡායාරූප එකතුවකි. ඇතැම් ඡායාරූප 1910 දශකය පමණ දක්වා දිවේ. එකල කොරියාව පැවති ආකාරය, අද වන විට කොරියාව සංවර්ධනය වී ඇති ආකාරය රූපමය අත්දැකීමක් ලෙස ඔබට ලබා දේ. ඔබට අවශ්‍ය ඡායාරූප search කිරීම හෝ browse කිරීම මගින් සොයා ගත හැකිය. මීට අමතරව සිතියමක් ඇසුරින් ඒ ඒ ස්ථානයන්ට (උදා: Namdaemun market) අදාළ ඡායාරූප ලබා ගත හැකිය.        
"PICTORI : Korean Media Library" is a project of the Australian National University's Korea Institute. The project is funded by The Academy of Korean Studies (AKS). PICTORI shares images related to Korean culture and history hidden in libraries & private collections all over the World. It brings both old/rare images plus recent images on Korea. Some pictures dates as far back as 1910s (i.e. Street view of Seoul).

It allows you either search or browse the collection. Also you can use a map to locate images related to a particilar place (i.e. Namdaemun market). Pictures here are subject to copyright and you can register to upload & download images. Images comes with metadata such as creator, date of origin, description, and tags, etc.
        

May 17, 2013

'කොරියානා' : කොරියානු කලාව හා සංස්කෘතිය පිළිබද සඟරාව


'කොරියානා' යනු 'කොරියා පදනම' මගින් 1987 සිට පළ කරන කොරියානු කලාව හා සංස්කෘතිය පිළිබද සඟරාවයි. ඉංගිරිසි හා කොරියානු භාෂා හැර තවත් භාෂා 09කින් මෙය පළවේ. කොරියානු සංස්කෘතිය, කලාව, ජීවිතය යනාදී විවිධ මාතෘකා ඔස්සේ පළවූ නවතම ලිපි අන්තර්ජාලය හරහා නොමිලයේ කියවිය හැකිය. පසුගිය කලාප වල පළවූ ලිපි මෙම සබැඳියාව හරහා හරහා කියවන්න.

'Koreana' is a quarterly magazine published by 'The Korea Foundation' since 1987. It targets international readers interested in Korean Art & Culture. It is published in eight (09) languages other than in Korean & English. It has number of intersting columns including:

- Focus (Recent cultural issues & artistic trends in Korea)
- Cuisine (Culinary culture of Korea)
- Living (Lifestyle of modern Koreans)
- Discovering Korea (Korean culture seen by foreigners living in Korea)
- Short Story Critique (A modern Korean short story accompanied by commentary)

Although you have to subscribe to read the printed magazine, you can still read full articles online via the website including the access to the magazine's archives. Homepage:
https://www.koreana.or.kr/home/homeIndex.do