Jun 13, 2013

"කොරියානු රළ" (한류) කොරියානු භාෂාව ලොව පුරා ප්‍රචලිත කිරීමට දායක වෙයි

"කොරියානු රළ" (Korean Wave - 한류) යනු කොරියානු ජනප්‍රිය කලා මාධ්‍ය (ටෙලි නාට්‍ය, ගීත ආදිය) ලොව පුරා පැතිරීම හා ජනප්‍රිය වීමේ සංසිද්ධිය හඳුන්වන නාමයකි. එය කොරියානු සංස්කෘතිය ලොව පුරා ජනප්‍රිය වීමට ප්‍රබල ලෙස බලපා ඇත.
 
"කොරියානු රළ" හුදෙක් කොරියානු සංස්කෘතිය පමණක් නොව කොරියානු භාෂාව ද ලොව පුරා ප්‍රචලිත කිරීමට ප්‍රබල දායකත්වයක් ලබා දී ඇතැයි කොරියානු සංස්කෘතික අමාත්යංශය උපුටා දක්වමින් The Korea Herald පුවත්පත මෑතක දී පැවසීය.
 
ඒ අනුව 2007 දී 13 ක් වූ King Sejong මධ්‍යස්ථාන 2012 වන විට 90 ක් දක්වා වර්ධනය වී ඇත. තවද, එම කාලය තුළ එම ආයතනයන්හි කොරියානු භාෂාව හදාරන සිසුන්ගේ සංඛයාව 740 සිට 16,590 දක්වා වැඩි වී ඇත.
 
කොරියානු රජයේ වාර්තාවන්ට අනුව 1997 වසරේ විභාගය ආරම්භ වූ දා සිට 2013 වසර වන විට කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය (TOPIK) ට අයදුම් කළ අයදුම්කරුවන් ගණන මිලියනය ඉක්මවා ඇත. තවද, ලොව පුරා විශ්වවිද්‍යාල 840 ක පමණ 'කොරියානු අධ්‍යයන' හෝ 'කොරියානු භාෂා' අධ්‍යයන අංශ පිහිටුවා ඇත.
 
මේ පිළිබඳ පුවත්පත් වාර්තාව පහත සබැඳියාව හරහා කියවන්න:
 
Hallyu fuels Korean language boom abroad (The Korea Herald, 29.04.2013)
 
"කොරියානු රළ" පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට පහත විකීපීඩියා ලිපිය කියවන්න:

Wikipedia Article on 'Korean Wave'