Feb 14, 2020

පශ්චාත් උපාධි සඳහා වන කොරියානු රජයේ ශිෂ්‍යත්ව - 2020

2020 වර්ෂයේ කොරියානු රජයේ පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව (Masters, PhD) වැඩසටහන සඳහා මේ දිනවල අයදුම්පත් කැඳවනු ලැබ තිබෙනවා. කොරියානු රජයේ අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ඇති 'ජාත්‍යන්තර අධ්‍යාපනය සඳහා වන ජාතික ආයතනය (NIIED)' මගින් ලබාදෙන 'Global Korea Scholarship - GKS' නම් මෙම ශිෂ්‍යත්වය සඳහා පහත ක්‍රම 2න් එක් ක්‍රමයක් හරහා පමණක් අයදුම් කල හැකිය.

1. මෙරට කොරියානු තානාපති කාර්යාලය හරහා අයදුම් කිරීම , හෝ
2. කොරියාවේ විශ්වවිද්‍යාලයක් හරහා අයදුම් කිරීම

මෙරට කොරියානු තානාපති කාර්යාලය හරහා අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: 2020 මාර්තු 15

වැඩි විස්තර සඳහා ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති කාර්යාලයේ වෙබ් අඩවිය  බලන්නhttp://overseas.mofa.go.kr/lk-en/brd/m_2309/view.do?seq=759790

කොරියාවේ විශ්වවිද්‍යාලයක් හරහා අයදුම්පත් භාරගන්නා දින වකවානු තීරණය කරනුයේ ඒ ඒ විශ්වවිද්‍යාල මගින් වන අතර සාමාන්‍යයෙන් පෙබරවාරි-මාර්තු අතර කාලය තුළ අයදුම්පත්‍ර භාරගැනීම සිදු කෙරෙනවා.

ශිෂ්‍යත්ව වැඩසටහන පිළිබඳ වැඩි විස්තර සඳහා පහත වෙබ් අඩවිය බලන්න.

'Study in Korea' Website: http://www.studyinkorea.go.kr/en/main.do