Jan 21, 2023

කොරියානු ප්‍රස්තාව පිරුළු (Proverbs, 속담) - 5

ප්‍රස්තාව පිරුළ: 가는 말이 고와야 오는 말이 곱다

උච්චාරණය (ඉංග්‍රීසි/ සිංහල): ganeun mari gowaya oneun mari gob-dda, කානන් මරි කොවායා ඕනන් මරි කොප්දා

ඉංග්‍රීසි අර්ථය: If the word you say is good, then the word coming back at you is good.

සිංහල අර්ථය: ඔබ පවසන දේ හොඳනම්, ඔබට ලැබෙන ප්‍රතිචාරයද යහපත් වනු ඇත.

ප්‍රස්තාව පිරුළේ අදහස: ඔබ පළමුව අනිත් අයට හොඳින් සැළකුවහොත් අනිත් අයද ඔබට පෙරළා හොඳින් සළකනු ඇත

වාග් මාලාව:
가는 (가다) [ganeun]: යන, පිටවෙන
말 [mal]: වචන
곱다 [gob-dda]: ලස්සණ, කදිම
오는 (오다) [oneun]: (නැවත) එන

Jan 7, 2023

කොරියානු ප්‍රස්තාව පිරුළු (Proverbs, 속담) - 4

ප්‍රස්තාව පිරුළ: 병 주고 약 준다

උච්චාරණය (ඉංග්‍රීසි/ සිංහල): byeong jugo yak junda, ප්යෝන් චුගො යක් චුන්දා

ඉංග්‍රීසි අර්ථය: Giving a disease then giving medicine

සිංහල අර්ථය: (පළමුව) රෝගය දී (දෙවනුව) බෙහෙත් දීම

ප්‍රස්තාව පිරුළේ අදහස: යම් කිසිවෙකු තවත් අයෙකුට මුලින්ම ආපදාවක් හෝ හිරිහැරයක් සිදු කර පසුව ඒ තැනැත්තාට ප්‍රතිකාර කිරීම හෝ උදව් කිරීමට උත්සාහ කිරීමේදී භාවිතා වන පිරුළකි. මුලින් කෙනෙකුට අවමාන කර දෙවනුව ඒ තැනැත්තාවම වර්ණනා කිරීමේ දී යොදා ගත හැකිය.

වාග් මාලාව:
병 [byeong]: රෝගය
주다 [juda]: දෙනවා
약 [yak]: බෙහෙත්