Showing posts with label Examinations-Korean language. Show all posts
Showing posts with label Examinations-Korean language. Show all posts

May 22, 2013

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය (TOPIK) ගැන දැන ගනිමු!

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය දෙයාකාරයකින් පැවැත්වේ. ඒ සම්මත (Standard TOPIK) හා ව්යාපාරික (Business TOPIK) වශයෙනි. කොරියාවේ උසස් අධ්‍යාපනය ලැබීමට අහහස් කරන ඔබ S-TOPIK සඳහා පෙනී සිටිය යුතුය. මෙම විභාගය කොරියාවේ 'ජාත්‍යන්තර අධ්‍යාපනය සඳහා වන ජාතික ආයතනය (NIIED)' මගින් අධීක්ෂණය කරන්නකි.

S-TOPIK මට්ටම් 03 කින් සමන්විතය. ඒ beginner (ප්‍රාරම්භ), intermediate (අන්තර්-මධ්‍යම) හා advanced (උසස්)වශයෙනි. මෙම විභාගය පිලිබඳ පුර්ණ තොරතුරු ඔබ වෙත ලබා දීමේ අරමුණින් NIIED විසින් www.topik.go.kr නමින් විශේෂිත වෙබ් අඩවියක් පවත්වාගෙන යයි.මෙය ඉංග්‍රීසි ඇතුළු භාෂා ගණනාවකින් පරිශීලනය කල හැක.

විභාගය පිලිබඳ හැඳින්වීම, එහි සංයුතිය, සමාර්ථ මට්ටම්, විභාගය පැවැත්වෙන කාල වකවානු, ප්‍රතිපල නිකුත් කරන දිනයන් ආදී වැදගත් තොරතුරු රැසක් මෙහි ඇතුළත්ය. විශේෂයෙන්ම Download Previous Tests හරහා පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර ඔබට බාගත (download) හැකිය. විභාගයේ 'අසා ලිවීම' (듣기) කොටසට අයත් හඬ පට (listening files) ද ඔබට බාගත හැකිය.

එබැවින් TOPIK සඳහා සුදානම් වන ඔබට මෙම වෙබ් අඩවිය මා නිර්දේශ කරමි.

[Click 'Read More' for the English version of this post]