Jul 22, 2020

නව කොරෝනා වෛරසය සහ දකුණු කොරියාව - New Coronavirus (COVID 19) and South Korea

දකුණු කොරියාවේ නව කොරෝනා වෛරසය පිලිබඳ තොරතුරු දැනගැනීම සඳහා වන නිල වෙබ් අඩවිය අද මම ඔබට හඳුන්වා දීමට කැමතියි. එය සෞඛ්‍ය හා සුබසාධන අමාත්‍යංශයේ නව කොරෝනා වෛරසය පිළිබඳ  වෙබ් අඩවිය යි.

වෙබ් ලිපිනය : http://ncov.mohw.go.kr/en

මෙම වෙබ් අඩවියට අනුව මේ වනවිට එරටින් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 13,879ක් වන අතර එයින් 12,698ක් නිරෝධායන කටයුතු සාර්ථකව නිමකර ඇති අතර තව දුරටත් නිරෝධායනය වන/ ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 884 ක්. මේ දක්වා එරටින් වාර්තා වන්නේ මරණ 297ක් පමණයි. විශේෂත්වය වනුයේ නව කොරෝනා වෛරසය පිලිබඳ පරික්ෂාකිරීම් මිලියන 1.4ක් එරට සෞඛ්‍ය අංශ මගින් දැනටමත් සිදුකර තිබීමයි.

කොරෝනා වෛරසයේ බලපෑමට පළමුව ලක් වූ රටවල් කිහිපය අතරින් එකක් වන දකුණු කොරියාව එම වසංගත තත්ත්වය පාලනය කල ආකාරය ලොව බොහෝ රටවල පැසසුමට ලක් වුණා. දෙවැනි රැල්ලක් ඇති වුවද එරට ශක්තිමත් සෞඛ්‍ය පද්ධතිය ට එය පහසුවෙන් පාලනය කර ගැනීමට මේ වන විට හැකියාව ලැබී තිබෙනවා.

කොරියානු අධ්‍යයන පිලිබඳ ශාස්ත්‍රීය සංග්‍රහය සඳහා ලිපි සම්පාදනය කිරීම - Call for Papers on Korean Studies


--කොරියානු අධ්‍යයන පිලිබඳ ශාස්ත්‍රීය සංග්‍රහය සඳහා

ලිපි සම්පාදනය කිරීමට ආරාධනා කිරීම--

කොරියානු ජනරජයේ ශිෂ්‍යත්වලාභීන්ගේ ආදි විද්‍යාර්ථී සංගමයේ ශ්‍රී ලංකා ශාඛාව (GKS Alumni Association, Sri Lanka Chapter) මගින් අප සංගමයේ ආදී විද්‍යාර්ථීන්ද ඇතුළු කොරියානු අධ්‍යයන පිලිබඳ විශේෂඥතාවක් උසුලන විද්වතුන්, පර්යේෂකයන් හා වෘත්තිකයන්ගේ දායකත්වයෙන් සම්පාදනය කෙරෙන 'කොරියානු අධ්‍යයන - Korean Studies' පිලිබඳ ශාස්ත්‍රීය සංග්‍රහය සඳහා ශාස්ත්‍රීය ලිපි සම්පාදනය කරන මෙන් ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු. 

කොරියානු අධ්‍යයන (Korean Studies) පිලිබඳ නිර්වචනය: කොරියානු අධ්‍යයන (Korean Studies) යනු කලා, මානවශාස්ත්‍ර සහ සමාජීය විද්‍යා විෂය ක්ෂේත්‍රයන්හි කොරියානු පාර්ශ්වය ආවරණය කෙරෙන අන්තර්විෂයයික ක්ෂේත්‍රයකි (කොරියානු ඉතිහාසය, සංස්කෘතිය, සාහිත්‍යය, කලාව (සම්ප්‍රදායික සහ ජනප්‍රිය), ජනශ්‍රැතිය, සංගීතය, භාෂාව, සමාජය, දේශපාලනය, ආර්ථිකය ඇතුළුව). තවත් අයුරකින් පවසයි නම් කොරියාව පිළිබඳව (දකුණු හා උතුරු කොරියානු රාජ්‍යයන් මෙන්ම කොරියානු ඩයස්පෝරාව ද ඇතුළත්ව) අධ්‍යයනය කිරීම කේන්ද්‍ර කරගත් විෂය ක්ෂේත්‍රයකි. 

මෙම ශාස්ත්‍රීය කෘතිය 2020 නොවැම්බර් මස මැද භාගයේදී එළි දක්වන්නට සැලසුම් කරන අතර ඔබගේ ශාස්ත්‍රීය ලිපියේ අත්පිටපත 2020 සැප්තැම්බර් මස 20 (ඉරිදා) දින හෝ ඊට පෙර අප වෙත යොමු කරන මෙන් කාරුණිකව සිහිපත් කරමු. 

ඔබට අමතරව මෙම විෂය ක්ෂේත්‍රය යටතේ ලිපි සම්පාදනය කළ හැකි කොරියානු අධ්‍යයන පිලිබඳ විශේෂඥතාවක් උසුලන අනිකුත් විද්වතුන්, පර්යේෂකයන් හෝ වෘත්තිකයන් සිටියි නම් ඔවුන් ද මේ සම්බන්ධයෙන් දැනුවත් කර ශාස්ත්‍රීය ලිපියක් සම්පාදනයට දිරි ගන්වන මෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිමු. 

ලිපි සම්පාදනය සඳහා උපදෙස්: 

i. වචන සංඛ්‍යාව: 6000 ට නොවැඩි (ගොණු වර්ගය: MS Word හෝ Hangul Office) 

ii. භාෂාව: සිංහල, ඉංග්‍රීසි හෝ කොරියානු

iii. සාර සංග්‍රහය (Abstract): සිංහල, ඉංග්‍රීසි, කොරියානු භාෂා ත්‍රිත්වයෙන් (කොරියානු බසින් සාර සංග්‍රහය සම්පාදනයේදී අවශ්‍ය නම් සංස්කාරක මණ්ඩලයේ සහාය ලබාගත හැකිය.) 

iv. ආශ්‍රිත ග්‍රන්ථ ලැයිස්තුව: American Psychological Association (APA) Style අනුව සම්පාදනය කල යුතුය 

v. අත්පිටපත එවිය යුතු ඊමේල් ලිපිනය: tharangad@kln.ac.lk ; arunaran@kln.ac.lk 

vi. අත් පිටපත් භාර ගන්නා අවසාන දිනය: 2020 සැප්තැම්බර් මස 20 දින හෝ ඊට පෙර 

මෙම ශාස්ත්‍රීය කෘතියේ ඇතුළත් සියළුම ලිපි විද්වත් මණ්ඩලයක අධීක්ෂණයෙන් (peer review) පසුව ISBN අංකයක්ද සහිතව මුද්‍රණද්වාරයෙන් ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කෙරේ. 

--Call for Papers on Korean Studies—

Global Korea Scholarship (GKS) Alumni Association, Sri Lanka Chapter (also known as Korean Government Scholarship Program (KGSP) Alumni Association) cordially invites its valued alumni members and other distinguished academics, researchers and professionals, those who have an interest on Korean Studies, to submit their manuscripts for the edited volume on “Korean Studies” which will be published in mid-November 2020. 

Definition on Korean Studies: An interdisciplinary field which draws upon the Korean aspects of disciplines in the arts, humanities and social sciences (including Korean history, culture, literature, arts, folklore, music, language, society, politics, economics). In other words, it is an academic discipline that focuses on the study of Korea, which includes the Republic of Korea, the Democratic People's Republic of Korea, and diasporic Korean populations. 

Guidelines for Submission of Papers: 

i) Length of the Paper: Not more than 6000 words 

ii) Format: MS Word or Hangul Office 

iii) Language: Sinhala, English or Korean 

iv) Abstract: in Sinhala, English and Korean (Editorial staff may assist you to compile the Korean abstract, if necessary) 

v) Bibliographic Referencing Style: American Psychological Association (APA) Style 

vi) Deadline for Submissions: on or before 20th September, 2020 

Please submit your manuscript via email to the following addresses: 


Submitted manuscripts will undergo a peer review process before publishing in this edited volume with an ISBN.