Jan 14, 2019

කොරියානු ජාතික උරුම පෝර්ටලය Korean National Heritage Portal 국가문화유산포털

කොරියාව යනු සංස්කෘතික හා ස්වභාවික උරුමයන්ගෙන් පොහොසත් දේශයකි. එමෙන්ම එකී උරුමයන් මනාව සංරක්ෂණය කර අනාගත පරපුර වෙත දායාද කිරීම මෙන්ම සිය ජාතික උරුමයන් ලොව පුරා ප්‍රවර්ධනය කිරීම අතින් ද කොරියාව ඉදිරියෙන්ම සිටියි. මෙම වෙබ් අඩවිය හරහා ඔබට කොරියාවේ ජාතික උරුමයන් පිලිබඳ සවිස්තරාත්මක තොරතුරු ලබා ගත හැකිය. යුනෙස්කෝ (UNESCO) ලෝක උරුම, අස්පර්ෂීය මානව සංස්කෘතික උරුම, ලෝක මතකය යනාදියෙහි ලියාපදිංචි වූ කොරියානු සංස්කෘතික හා ස්වභාවික උරුමයන් ද ඇතුළුව කොරියාව පුරා විසිර ඇති ජාතික උරුමයන් පිලිබඳ විස්තර සිතියම්, ඡායාරූප, වීඩියෝ ආදී බහු මාධ්‍ය ඔස්සේ ආකර්ශනීය ලෙස ඉදිරිපත් කරයි. සියලු දෙනා තුල කොරියානු උරුමය පිලිබඳ පුළුල් දැනුමක් ඇති කිරීම මෙමෙ වෙබ් අඩවියේ අරමුණයි. 

වෙබ් අඩවියට පිවිසීම: http://www.heritage.go.kr/

ඊට අමතරව කොරියානු ඉතිහාසය හා සම්බන්ධ තොරතුරු මෙන්ම ත්‍රිමාණ තොරතුරු ද ලබා ගත හැකිය. කොරියානු භාෂාවට අමතරව ඉංග්‍රීසි, චීන, ජපන් භාෂාවන්ගෙන් ද තොරතුරු ලබා ගත හැකිය.

සම්බන්ධිත වෙබ් අඩවි: http://www.k-heritage.tv/

Korea is rich of cultural and natural heritages. The Country well preserves its' heritages for the prosterity while promoting them all over the World. The 'Korea National Heritage Online' is a web portal which provides comprehensive information on Korean national heritages including UNESCO World Heritages (World Heritage, Intangible Cultural Heritage of Humanity, Memory of the World). The web portal consists of information including photographs, videos, 3D simulation vidoes, maps, etc. The website is divided into three sections: 'Learning' (배우고), 'Heritage Tours' (보고), and 'Cultural Experience' (느끼고). Information also available in English, Chinese and Japanese languages. 

Follow this link to access the website: http://www.heritage.go.kr/