Jul 31, 2022

Korean Ambassador Visits University of Kelaniya, 29 July 2022

Today, H.E. Ambassador of the Republic of Korea visited our university and met the Vice-Chancellor and few other academic staff members. H.E. Ambassador Santhush Woonjin Jeong and Snr. Professor Nilanthi de Silva had a constructive discussion on areas of mutual interest including Korean language and education. I also had the opportunity be a part of this discussion as an academic staff member who completed higher studies in the Republic of Korea. (Picture Courtesy: Korean Embassy's FB Page)

අද දින ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිතුමන් අප කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමිය හමුවී ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් ගැන සාකච්ඡා කරන ලද අතර මා හටද එම අවස්ථාවට සහභාගී වීමට අවස්ථාව ලැබුණි.

Jul 23, 2022

කොරියානු ප්‍රස්තාව පිරුළු (Proverbs, 속담) - 3

ප්‍රස්තාව පිරුළ: 시작이 반이다

උච්චාරණය (ඉංග්‍රීසි/ සිංහල): shijagi banida, සීජගි පන්ඉදා

ඉංග්‍රීසි අර්ථය: Starting is the half

සිංහල අර්ථය: යමක් ආරම්භ කිරීම යනු (එහි) අඩක් නිම කිරීමකි

ප්‍රස්තාව පිරුළේ අදහස: යමක් පටන් ගැනීම යනු ඉතාම අසීරු පියවර වශයෙන් බොහෝ විට සැලකේ. නමුත්, යමක් ආරම්භ කළහොත් එය පහසුවෙන් ඉදිරියට පවත්වාගෙන යා හැකිය. යම්කිසි කටයුත්තක් ආරම්භ කරන අයෙකු ධෛර්යමත් කිරීම සඳහා මෙම යෙදුම භාවිත කල හැකිය.

වාග් මාලාව:
시작 [shijak]: ආරම්භය, පටන් ගැන්ම
반 [ban]: අඩ, භාගය

Jul 20, 2022

කොරියානු ප්‍රස්තාව පිරුළු (Proverbs, 속담) - 2

ප්‍රස්තාව පිරුළ: 원숭이도 나무에서 떨어진다

උච්චාරණය (ඉංග්‍රීසි/ සිංහල): wonsung-ido namueseo tteoreojinda, වොන්සුන්-ඉදෝ නාමුඑසෝ තොරොචින්දා

ඉංග්‍රීසි අර්ථය: Even monkeys may fall from trees

සිංහල අර්ථය: වඳුරා වුවද ගසෙන් වැටෙන්නට පුළුවන

ප්‍රස්තාව පිරුළේ අදහස: හොඳින් ගස් නැගීමට හැකි සත්ත්වයෙකු වශයෙන් ප්‍රකට වඳුරා වුවද ඇතැම් විටෙක ගසෙන් වැටෙන්නට පුළුවන. එපරිද්දෙන්, යම් කාර්යයක නිපුණත්වයක්/ විශේෂඥභාවයක් ඇති අයෙකුට වුවද ඇතැම් විටෙක අත්වැරදීම් සිදුවිය හැක.

වාග් මාලාව:
원숭이 [wonsung-i]: වඳුරා
도 [do]: ත්
나무 [namu]: ගස
에서 [eseo]: පටන්, සිට
떨어지다 [tteoreojida]: ඇද වැටෙනවා

Jul 19, 2022

කොරියානු මිථ්‍යා විශ්වාස (Superstition, 미신) - 1

මිථ්‍යා විශ්වාසය: 시험 날에는 미역국을 먹으면 안 된다

උච්චාරණය (ඉංග්‍රීසි/ සිංහල): siheom nareneun miyeokgugeul meogeumyeon an dwenda, ෂිහොම් නරෙනන් මියොක්ගුක්ල් මොගම්යොන් අන් ද්වෙන්දා.

ඉංග්‍රීසි අර්ථය: You shouldn’t eat Korean seaweed soup on a days of important exams.

සිංහල අර්ථය: තමන්ට ඉතා වැදගත් විභාගයක් ඇති දිනයක කොරියානු මුහුදු පැළෑටි සුප් අනුභව නොකළ යුතුය.

අර්ථය පැහැදිලි කිරීම: මුහුදු පැළෑටි සුප් යනු ලිස්සා යන සුළු ආහාරයක් බැවින් එවැනි ආහාරයක් වැදගත් විභාගයකට පෙර (විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය 수능시험 වැනි) අනුභව කිරීමෙන් විභාගය අසමත් විය හැකි බව විශ්වාස කෙරේ.

වාග් මාලාව:
시험 [siheom]: විභාගය
날 [nal]: දිනය
미역국 [miyeokguk]: කොරියානු මුහුදු පැළෑටි සුප්
먹다 [meokda]: අනුභව කරනවා, කනවා

කොරියානු ප්‍රස්තාව පිරුළු (Proverbs, 속담) - 1

ප්‍රස්තාව පිරුළ: 세 살 버릇 여든까지 간다

උච්චාරණය (ඉංග්‍රීසි/ සිංහල): se sal beoreut yeodeunggaji ganda, සේ සල් පොරුත් යෝතුන්කාජි කන්දා

ඉංග්‍රීසි අර්ථය: Old habits die hard

වචන අර්ථය: වයස අවුරුදු 03 දී පුරුදු වූ දේ වයස අවුරුදු 80 දක්වා පවතී.

ප්‍රස්තාව පිරුළේ අදහස: කල් ගත වූ පුරුදු අත්හැරීම ඉතා අපහසුය. හොඳ හෝ නරක පුරුදු සඳහා පොදුවේ භාවිත වන අතර විශේෂයෙන්ම හොඳ පුරුදු කුඩා කාලයේ සිටම පුරුදු පුහුණු කිරීම වැදගත් බවද හැඟවේ.

වාග් මාලාව:
세 살 [se sal]: වයස අවුරුදු තුන (03)
버릇 [beoreut]: පුරුද්ද
여든 [yeodeun]: අසූව (80)
까지 [ggaji]: දක්වා, තෙක්
가다 [gada]: යනවා (පවතිනවා)