කොරියානු ආහාර කලාවට කොරියානු සංස්කෘතිය තුළ හිමි වනුයේ අද්විතීය ස්ථානයකි. කොරියානු සංස්කෘතිය ලොව පුරා ජනප්‍රිය වීමට එහි ආහාර කලාව බෙහෙවින් බලපා ඇත. කොරියානු ආහාර කලාව, සූප ශාස්ත්‍රය, අහාර වට්ටෝරු පිලිබඳ අන්තර්ජාලයෙහි ඇති වෙබ් අඩවි දස දහස් ගණනකි. ඒ අතරින් කොරියානු රජයේ 'කොරියානු සංචාරක ආයතන - KTO'යේ 'Visit Korea' වෙබ් අඩවිය වඩාත් සාධිකාරී තොරතුරු මුලාශ්‍රයක් වශයෙන් මෙහිදී ඔබට හඳුන්වා දීමට අදහස් කරමි.
Visit Korea වෙබ් අඩවියට පිවිසෙන ඔබ එහි Food මෙනුව (menu) ඔස්සේ Introduction යන උප මෙනුවට ගමන් කරන්න. එවිට ඔබව කොරියානු ආහාර පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු රැගත් වෙබ් පිටුවට රැගෙන යනු ඇත.
ඒ යටතේ කොරියානු ආහාර පිළියෙළ කීරීමට යොදා ගන්න අමුද්‍රව්‍ය (ingredients), ආහාර වර්ග (main/side dishes), ආහාර මේසය පිළියෙළ කරන සම්මත ආකාර (table settings), ආහාර සිරිත් (food/dining etiquette), ආහාර වට්ටෝරු (cooking recipies) ඇතුළු තොරතුරු රැසක් ඇතුළත්ය. වටිනා, ගුණාත්මක බවින් ඉහළ ඡායාරූප රැසක් මෙහි ඇතුළත් අතර ඒවා ඔබට පහසුවෙන් බාගත (download) කල හැකිය.
එපමණක් නොව මෙහි ඇති උපදෙස් අනුගමනය කරමින් රසවත් කොරියානු ආහාර ඔබටම පිස ගත හැකිය.
[Click 'Read More' for the English version of this post]