Mar 12, 2013

'ආරිරං' යුනෙස්කෝ අස්පර්ශීය සංස්කෘතික උරුම ලැයිස්තුවට 'Arirang' named as UNESCO’s Intangible Cultural Heritage


'ආරිරං' නම් ලෝ පතල කොරියානු ජන ගීතය කොරියාවේ නිල නොවන ජාතික ගීය ලෙසද සැළකේ. වසර 600 ක් පමණවත් පැරණි යැයි සැලකෙන මෙම ජන ගීතයේ ප්‍රබේධ (versions) ගණනාවක් පවතී. Jeongseon Arirang එහි මුල් ප්‍රබේධය ලෙස සැලකෙන අතර ඊට අමතරව Jindo Arirang, Miryang Arirang වශයෙන් ප්‍රබේධ ගණනාවක් පවතී.

යුනෙස්කෝව විසින් 'ආරිරං' ලෝක 'අස්පර්ශීය සංස්කෘතික උරුමයක්' ලෙස 2012 දී නම් කළේය. 'ආරිරං' මෙම ලැයිස්තුවට ඇතුළත් වන 15 වන කොරියානු සංස්කෘතිකාංගයයි.

The Korean folk song Arirang was inscribed on UNESCO's Representative List of the Intangible Cultural Heritage of Humanity, according to the Cultural Heritage Administration (CHA). The Intergovernmental Committee for the Safeguarding of the Intangible Cultural Heritage decided to add Arirang to the list of intangible cultural heritage.

Source: http://www.korea.net/NewsFocus/Culture/view?articleId=104133

[Picture: Traditional Korean folk song master Lee Chun-hee]

Mar 2, 2013

කොරියා.නෙට් : කොරියාවට මඟ කියන වෙබ් අත්වැල Korea.Net : Gateway to Korea

කොරියා.නෙට් යනු කොරියාවේ නිල වෙබ් අඩවියයි. කොරියානු රජය, ප්‍රවුත්ති,සංස්කෘතික අංග,දිනපතා කාලගුණය,විනිමය අනුපාත,සිතියම් ආදී වැදගත් තොරතුරු බොහොමයක් ඉංග්‍රීසි ඇතුළු භාෂා ගණනාවකින් මෙහි ඇතුලත් වේ.

කොරියානු භාෂාව හා සංස්කෘතිය අධයයනය කරන ඔබට ඉතා වටිනා තොරතුරු, පින්තුර, සිතියම්, ගීත, වීඩියෝ වැඩසටහන් ආදිය මේ හරහා ලබාගත හැක. එනිසා ඔබත් අදම මේ වෙබ් අඩවියට පිවිසෙන්න.

URL: http://www.korea.net


Mar 1, 2013

කොරියන් විකිපීඩියා Korean Wikipedia 위키백과

ජනප්‍රිය Wikipedia විශ්වකෝෂයෙහි කොරියානු සංස්කරණය 위키백과 නමින් දැන් භාවිතයෙහි පවතී. කොරියානු අධ්‍යයනද ඇතුළුව විවිධ විෂයයන් පිළිබඳව කොරියානු බසින් රචනා වූ ලිපි මෙහිදී ඔබට නොමිලයේ කියවිය හැකිය.   අවශ්‍ය ලිපි සොයා ගැනීම සඳහා නිවස්න පිටුවෙහි (home page) ඉහළ දකුණු කෙළවරෙහි ඇති සෙවුම් කොටුව (search box - 찾기) භාවිත කරන්න. මෙයට අමතරව දවසේ ලිපිය, දවසේ ඉතිහාසය, දවසේ ඡායරුපය, ආදී විශේෂාංග ද නිවස්න පිටුවෙහි දී ඔබට කියවිය හැකිය.

Korean Wikipedia (위키백과) is a very useful online reference source for Korean studies. If you wish to read articles written in Korean language on various subjects, you can use Korean Wikipedia which is known as "the encyclopedia of all of us" (우리 모두의 백과사전).
URL: http://ko.wikipedia.org/

ආයුබෝවන්! Welcome! 안녕하세요!


ආයුබෝවන්! මම තරංග රණසිංහ. 'කොරියාව හමුවෙමු - Let's meet Korea' නම් වූ මාගේ මේ බ්ලොග් අඩවියට ඔබව සාදරයෙන් පිලිගනිමි.

කැලණිය විශ්වවිද්‍යාලයේ ජෙයෂ්ඨ සහකාර පුස්තකාලයාධිපතිවරයෙකු ලෙස සේවය කරන මා කොරියාව, එහි ජනතාව, කොරියානු භාෂාව හා සංස්කෘතිය පිළිබඳව ඉමහත් රුචිකත්වයක් දක්වන අතර කොරියාවට මගේ මවුබිමට නොදෙවෙනිව ප්‍රිය කරන්නෙමි.

මාගේ මෙම බ්ලොගයෙහි අරමුණ වන්නේ මා මෙන්ම කොරියාවට ආදරය කරන, එමෙන්ම කොරියාව, එහි ජනතාව, භාෂාව හා සංස්කෘතිය පිලිබඳ රුචිකත්වයක් දක්වන ඔබට කොරියාව පිළිබඳව වැදගත් වන අන්තර්ජාල තොරතුරු සොයා ගැනීමට සහාය වීම හා මඟ පෙන්වීමයි. විශේෂයෙන්ම මෙම බ්ලොගය හරහා කොරියානු අධ්‍යයන (Korean Studies) විෂයය හදාරන ඔබට අවශය තොරතුරැ සොයා ගැනීමට සහාය වීම පුස්තකාල වෘත්තිකයෙකු ලෙස මාගේ සුවිශේෂී අරමුණකි.

එන්න, මා හා එක්වන්න. අපි කොරියාව පිලිබඳ දැන ගනිමු. එය අන් අයත් සමඟ බෙදා ගමු.

(ඔබගේ වටින අදහස් හා යෝජනා සෑම පොස්ටුවකම (blogpost) අවසන ඇති කමෙන්ටු (comments) යටතේ ඉදිරිපත් කරන්න)