Mar 1, 2013

ආයුබෝවන්! Welcome! 안녕하세요!


ආයුබෝවන්! මම තරංග රණසිංහ. 'කොරියාව හමුවෙමු - Let's meet Korea' නම් වූ මාගේ මේ බ්ලොග් අඩවියට ඔබව සාදරයෙන් පිලිගනිමි.

කැලණිය විශ්වවිද්‍යාලයේ ජෙයෂ්ඨ සහකාර පුස්තකාලයාධිපතිවරයෙකු ලෙස සේවය කරන මා කොරියාව, එහි ජනතාව, කොරියානු භාෂාව හා සංස්කෘතිය පිළිබඳව ඉමහත් රුචිකත්වයක් දක්වන අතර කොරියාවට මගේ මවුබිමට නොදෙවෙනිව ප්‍රිය කරන්නෙමි.

මාගේ මෙම බ්ලොගයෙහි අරමුණ වන්නේ මා මෙන්ම කොරියාවට ආදරය කරන, එමෙන්ම කොරියාව, එහි ජනතාව, භාෂාව හා සංස්කෘතිය පිලිබඳ රුචිකත්වයක් දක්වන ඔබට කොරියාව පිළිබඳව වැදගත් වන අන්තර්ජාල තොරතුරු සොයා ගැනීමට සහාය වීම හා මඟ පෙන්වීමයි. විශේෂයෙන්ම මෙම බ්ලොගය හරහා කොරියානු අධ්‍යයන (Korean Studies) විෂයය හදාරන ඔබට අවශය තොරතුරැ සොයා ගැනීමට සහාය වීම පුස්තකාල වෘත්තිකයෙකු ලෙස මාගේ සුවිශේෂී අරමුණකි.

එන්න, මා හා එක්වන්න. අපි කොරියාව පිලිබඳ දැන ගනිමු. එය අන් අයත් සමඟ බෙදා ගමු.

(ඔබගේ වටින අදහස් හා යෝජනා සෑම පොස්ටුවකම (blogpost) අවසන ඇති කමෙන්ටු (comments) යටතේ ඉදිරිපත් කරන්න)

Welcome to "කොරියාව හමුවෙමු - Let's meet Korea" weblog!!!

I am Tharanga Ranasinghe, a Senior Assistant Librarian at the University of Kelaniya, Sri Lanka.

I have developed this web blog to share information related to Korean studies. My aim is to help the students studying Korean language and Korean culture by providing useful online resources related to Korean studies.

I will introduce useful educational & research oriented online resources and useful reference materials carefully selected for your studies.

Come & join with my blog! Let's meet Korea!

(Leave your comments at the end of each blog post)

[Picture curtsy: Korean Studies Association of Southeast Asia Website]

No comments:

Post a Comment