Feb 18, 2024

පශ්චාද් උපාධි සඳහා වන කොරියානු රජයේ ශිෂ්‍යත්වය (GKS Graduate Scholarship) 2024

2024 වර්ෂයේ කොරියානු රජයේ පශ්චාද් උපාධි ශිෂ්‍යත්ව (Master's, PhD) වැඩසටහන සඳහා මේ දිනවල අයදුම්පත් කැඳවනු ලැබ තිබෙනවා. කොරියානු රජයේ අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ඇති 'ජාත්‍යන්තර අධ්‍යාපනය සඳහා වන ජාතික ආයතනය (NIIED)' මගින් ලබාදෙන 'Global Korea Scholarship - GKS' නම් මෙම ශිෂ්‍යත්වය සඳහා පහත ක්‍රම 2න් එක් ක්‍රමයක් හරහා පමණක් අයදුම් කල හැකිය.

1. මෙරට කොරියානු තානාපති කාර්යාලය හරහා අයදුම් කිරීම , හෝ
2. කොරියාවේ විශ්වවිද්‍යාලයක් හරහා අයදුම් කිරීම

මෙය කොරියාවට යාම් ඊම් සඳහා වන ගුවන් ටිකට්පත්, කොරියානු භාෂා පාඨමාලා ගාස්තු / උපාධි පාඨමාලා ගාස්තු / ජිවන වියදම් දීමනා ආදී සියලු වියදම් කොරියානු රජයෙන් දරන පූර්ණ ශිෂ්‍යත්වයකි. මෙවර ශිෂ්‍යත්ව වැඩසටහනේ විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාවට ලබා දී ඇති කෝටාව පසුගිය වසරට වඩා දෙගුණයකින් වැඩි වී තිබීමයි.

ඔබත් දැනට ප්‍රථම උපාධිය (B.A., B.Sc. ආදී) සම්පූර්ණ කල වයස අවු. 40ට අඩු අයෙක් නම් මේ සඳහා අයදුම් කල හැකිය.

මෙරට කොරියානු තානාපති කාර්යාලය හරහා අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: 2024 මාර්තු 03.

වැඩි විස්තර සඳහා ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති කාර්යාලයේ වෙබ් අඩවිය බලන්න: https://overseas.mofa.go.kr/lk-en/index.do

කොරියාවේ විශ්වවිද්‍යාලයක් හරහා අයදුම්පත් භාරගන්නා දින වකවානු තීරණය කරනුයේ ඒ ඒ විශ්වවිද්‍යාල මගින් වන අතර සාමාන්‍යයෙන් පෙබරවාරි-මාර්තු අතර කාලය තුළ අයදුම්පත්‍ර භාරගැනීම සිදු කෙරෙනවා.