May 28, 2013

කොරියානු බහු මාධ්‍ය ශබ්දකෝෂය - Korean Multimedia Dictionary

ඇමරිකාවේ ඉන්දියානා විශ්ව විද්‍යාලය මගින් සංවර්ධනය කළ මෙම බහු මාධ්‍ය ශබ්දකෝෂය කොරියානු භාෂාව හදාරන ආධුනිකයන්ට අතිශය ප්‍රයෝජනවත්ය. පිංතූර ශබ්දකෝෂයක් වන මෙහි වචන මාතෘකා (categoties) 40 ක් යටතේ බෙදා දක්වා ඇත. උදා: පවුල (family - 가족), කාලගුණය (weather - 날씨), සතුන් (animals - 동물). ඊට අමතරව ඉංග්‍රීසි හා කොරියානු අකාරාදිය අනුව ද වචන පෙළ ගස්වා (word list) ඇත. සෑම වචනයක් සඳහාම රූප ඉදිරිපත් කර එති අතර රූපය මතට මවුසය (mouse) ගෙන ගිය විට රුපයට අදාළ වචනය කොරියානු බසින් තිරය මත දර්ශනය වේ. රූපය මත එබූ (click) විට එම වචනය කොරියානු බසින් උච්‍ඡාරණය කරන අයුරු ශ්‍රවණය කළ හැකිය. කෙසේ වුවද මෙහි අන්තර්ගත වනුයේ වචන 460 ක් පමණ සුළු ප්‍රමාණයකි. මෙම ශබ්දකෝෂය භාවිත කිරීම සඳහා ඔබ පරිගණකයෙහි ඇඩෝබි ෆ්ලෑෂ් ප්ලේයර් (Adobe Flash Player) තිබිය යුතුය. එය download කිරීමට http://get.adobe.com/flashplayer/සබැඳියාව භාවිත කරන්න.

බහු මාධ්‍ය ශබ්දකෝෂය ට පිවිසීමට: http://www.indiana.edu/~koreanrs/kordic.html

This Multimedia Dictionary is developed by the Indiana University in USA. This is very useful for beginners of Korean language. This is a picture dictionary and the terms are categorized under 40 topics. i.e. Family (가족), Weather (날씨), Animals (동물). In addition, terms are listed according to English/Korean alphabetical orders. Each term has a picture and when you move your mouse on it, it will display the relevant word in Korean language. When you click on the picture, you can listen the pronunciation of that word in Korean. However, this dictionary includes only about 460 terms. Also you need 'Adobe Flash Player' on your computer to read this dictionary. Download Adobe Flash Player here :  http://get.adobe.com/flashplayer/
 
Link to the Multimedia Dictionary: http://www.indiana.edu/~koreanrs/kordic.html
 

No comments:

Post a Comment