ශ්‍රී ලංකා-කොරියා තරුණ අධ්‍යාපන ජාලය සහ කොරියානු ජනරජයේ ශිෂ්‍යත්වලාභීන්ගේ සංසදය මගින් සංවිධානය කල කොරියානු අධ්‍යයන වැඩමුළුව සහ වාර්ෂික හමුව පසුගිය නොවැම්බර් 23 වන සෙනසුරාදා ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී උත්සවාකාරයෙන් පැවැත්වුණි.
කොරියානු ජනරජයේ ශිෂ්‍යත්වලාභීන්ගේ සංසදයේ සභාපති ආචාර්ය අරුණ රණවීර මහතා විසින් පිළිගැනීමේ කතාව පැවැත්වූ අතර පශ්චාද් උපාධි අධ්‍යයන සඳහා දකුණු කොරියාවට ගිය ප්‍රථම ශ්‍රී ලංකික ශිෂ්‍යයා වශයෙන් සිය අත්දැකීම් බෙදාහදා ගනිමින් වැඩමුළුවේ මුඛ්‍ය දේශනය පවත්වන ලද්දේ කැලණිය විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය දයා එදිරිසිංහ මහතා විසිනි. ආචාර්ය තරංග රණසිංහ මහතා විසින් 'කොරියානු අධ්‍යයන සඳහා වන තොරතුරු සේවා' පිලිබඳ ඉදිරිපත් කිරීමකින් අනතුරුව කැලණිය විශ්වවිද්‍යාලයේ නූතන භාෂා අධ්‍යයන අංශයේ කොරියානු ඒකකයේ සිසුන් විසින් 'කොරියානු අධ්‍යයන' විෂය ක්ෂේත්‍රය අළලා ඉදිරිපත් කිරීම් (presentation) 4 ක් සිදු කල අතර එකී සිසුන් විසින් ඉදිරිපත් කල කොරියානු නර්තනාංගයන්ගෙන් උත්සවය වර්ණවත් විය. උත්සවයේ ස්තූති කතාව කථිකාචාර්ය අමිලජිත් ලීලාරත්න මහතා විසින් පවත්වන ලදී.
උත්සවයේ ඡායාරූප සඳහා කොරියානු තානාපති කාර්යාලයේ නිල Facebook අඩවියට පිවිසෙන්න: https://www.facebook.com/korembsl/posts/2988817327812290
කොරියානු අධ්‍යයන සඳහා වන අන්තර්ජාල අත්වැල - Online Guide to Korean Studies
Dec 4, 2019
Nov 22, 2019
කොරියානු අධ්‍යයන පිළිබඳ ශාස්ත්‍රීය සඟරා - Academic Journals on Korean Studies - 한국학 관련된 학술지 소개합니다
අද මම ඔබට හඳුන්වා දෙන්නේ කොරියානු අධ්‍යයන විෂයය සම්බන්ධ ගැඹුරු අධ්‍යයන සහ පර්යේෂණයන්හි නිරත වන අයට ප්‍රයෝජනවත් ජාත්‍යන්තර ශාස්ත්‍රීය වාරසඟරා කිහිපයකි. මෙම සඟරාවන්හි කොරියානු අධ්‍යයනයන්ට සම්බන්ධ ශාස්ත්‍රීය ලිපි, පර්යේෂණ ලිපි, විචාර ලිපි යනාදිය පළ වේ.
1. Korea Journal: http://www.ekoreajournal.net/main/index.htm
කොරියානු අධ්‍යයන ඇකඩමිය (AKS) මගින් පළ කරන මෙම සඟරාව 1961 සිට කොරියානු අධ්‍යයන විෂයය සම්බන්ධ සම්මත වාරසඟරාවක් ලෙස සැළකේ. තවද Thomson Reuters ආයතනයෙහි A&HCI හි අනුක්‍රමණිකාගත ප්‍රථම කොරියානු ප්‍රකාශනය ද වේ. වසරකට කළාප 4 ක් පළවේ. අන්තර්ජාලය හරහා නොමිළයේ කියවිය හැකිය.
2. The Review of Korean Studies: https://review.aks.ac.kr/lab/journal.do?idx=2&tab=1
කොරියානු අධ්‍යයන ඇකඩමිය (AKS) මගින් පළ කරන තවත් ශාස්ත්‍රීය සඟරාවකි. 1998 දී පළමු වරට පළවූ මෙම සඟරාව ESCI, KCI යන සේවාවන්හි අනුක්‍රමණිකාගත වේ. කොරියානු අධ්‍යයන විෂය ක්ෂේත්‍රය සම්බන්ධව ආසියානු සහ බටහිර විද්වතුන්ගේ අදහස්, න්‍යායන් සහ දෘෂ්ටි කෝණයන් සංවාදයට ලක් කිරීම සහ හුවමාරු කරගැනීමේ වේදිකාවක් තැනීම මෙම සඟරාවෙහි අරමුණයි. අර්ධ වාර්ෂිකව පළ වන මෙහි එන ලිපි අන්තර්ජාලය හරහා නොමිළයේ කියවිය හැකිය.
3. The International Journal of Korean Studies (IJKS) : http://icks.org/n/bbs/content.php?co_id=FALL_WINTER_2018
කොරියානු අධ්‍යයන පිළිබඳ ජාත්‍යන්තර කවුන්සිලය (ICKS) මගින් පළ කරන අර්ධ වාර්ෂික ශාස්ත්‍රීය වාර සඟරාවකි. අන්තර්ජාලය හරහා නොමිළයේ කියවිය හැකිය.
මෙම පෝස්ටුව ඉදිරියේදී තවදුරටත් යාවත්කාලීන වනු ඇත.

Nov 21, 2019
අද වැනි දවසක කොරියාව (නොවැ. 21) Today in Korean History (Nov. 21) 역사 속 오늘 (11월 21일)
1972 නොවැම්බර් 21: ජනපති පක් ජුන්-හ්වී විසින් ඉදිරිපත් කල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයේදී 91.5% කින් සම්මත වීම. යූෂින් යනුවෙන් හඳුන්වන මෙම ව්‍යස්ථාව මගින් ජනපතිවරයාට අසීමිත ඒකාධිපති බලතල පවරන ලද අතර ඒ අනුව 1979 දී ඝාතනයට ලක්වන තුරුම හෙතෙම ජනපති ධූරය හෙබවීය.
1997 නොවැම්බර් 21:ආසියානු මුල්‍ය අර්බුදය හේතුවෙන් දැඩි ලෙස අසීරුතාවයට ලක් වූ දකුණු කොරියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) තම ආර්ථිකය උදෙසා මූල්‍ය සහනයක් ඉල්ලා සිටි අතර ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඩොලර් බිලියන 58 ක සහන පැකේජයක් ලබා දුනි.
2016 නොවැම්බර් 21: ප්‍රධාන විපක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (Democratic Party) සහ විපක්ෂයේ තවත් සුළු පක්ෂ 2 ක් විසින් ජනපතිනි පක් ග්යුන්-හේ ට විරුද්ධව (ඇයගේ දිගුකාලීන මිත්‍ර චොයි සුන්-ශිල් ට එල්ල වූ දූෂණ චෝදනා කේන්ද්‍ර කරගනිමින්) විශ්වාසභංගයක් ගෙන ඒමට කටයුතු කිරීම. මෙම විශ්වාසභංග යෝජනාව දෙසැ. 9 දින ජාතික මන්ත්‍රණ සභාවේදී (පාර්ලිමේන්තුවේදී) 234-56 ක් වශයෙන් සම්මත වූ අතර ව්‍යස්ථාදායක අධිකරණය විසින් 2017 මාර්තු 10 දින පාර්ලිමේන්තුවේ එම තීරණය සම්මත කරමින් ප්‍රකාශයට පත් කල තීන්දුව අනුව ජනපතිනියට සිය ධූරය වහාම ක්‍රියාත්මක වන පරිදි අහිමි විය.
මූලාශ්‍රය: https://en.yna.co.kr/history/index

Nov 1, 2019
කොරියාවේ නව දක්ෂිණ ප්‍රතිපත්තිය : එහි දැක්ම සහ එය මුහුණ දෙන අභියෝග (පරිවර්තනයකි)
[මෙම ලිපිය KIEPopinions හි 146 කළාපයෙහි පළවූ Sungil Kwak ගේ Korea's New Southern Policy: Vision and Challenges නැමති ලිපියෙහි (සංක්ෂිප්ත) සිංහල පරිවර්තනයකි. මුල් කතුවරයාගේ පූර්ණ අවසරය යටතේ සිංහලයට පරිවර්තනය කරන ලදී.]
කොරියාවේ නව දක්ෂිණ ප්‍රතිපත්තිය : එහි දැක්ම සහ එය මුහුණ දෙන අභියෝග.
කර්තෘ: Sungil Kwak (නොවැ. 12, 2018)නව දක්ෂිණ ප්‍රතිපත්තියෙහි දැක්ම
කොරියානු රජයේ නව දක්ෂිණ ප්‍රතිපත්තියෙහි (신남방정책) අරමුණු වන්නේ දක්ෂිණ කළාපයෙහි ප්‍රධාන කොටස්කරුවන් වන ආසියාන් රටවල් සහ ඉන්දියාව සමග සබඳතා වැඩි දියුණු කරගැනීමත්, එකී සබඳතා කොරියාවේ සාම්ප්‍රදායික රාජ්‍ය තාන්ත්‍රික කොටස්කරුවන් හතර දෙනා (ඇ.එ.ජ., චීනය, ජපානය, රුසියාව) ගේ මට්ටමට ගෙන ඒමත්, අන් අය හා සංවේදනය කළ හැකි වටිනාකම් සංවර්ධනය, සහ අන්‍යොන්‍ය වශයෙන් සුඛිත මුදිත "මානව-කේන්ද්‍රීය" ප්‍රජාවක් ගොඩ නැංවීමත් ය. තවද නව දක්ෂිණ ප්‍රතිපත්තිය මගින්, ට්‍රම්ප් පරිපාලනය ආරම්භයත් සමඟම බල ගැන්වුණු, ඇ.එ.ජ. හි ස්වදේශීය කටයුතු සඳහා වන ප්‍රමුඛතාවය ට ගැළපෙන පරිදි මෙන්ම නැගෙනහිර ආසියාව තුළ චීනයේ බලපෑම ව්‍යාප්ත වීමට ගැළපෙන පරිදි බහු පාර්ශවීය ආර්ථික සහ රාජ්‍ය තාන්ත්‍රික රාමුවක් සැකසීම අරමුණු කෙරේ. කොරියාවේ අන්තර්ජාතික වෙළඳාම බහුලව රඳා පවතිනුයේ ඇ.එ.ජ. සහ චීනය මතය. පසුගිය වසර 3 පුරා (2015-2017) කොරියාවේ සමස්ත අපනයනයන්ගෙන් 38.1% ක් එම රටවල් 2 සමඟ සිදු විය. තවද කොරියාවේ සමස්ත ආනයන සහ අපනයනය වටිනාකම සළකා බලන කළ එයින් 35% ක්ම ඇ.එ.ජ. සහ චීනය සමඟ විය. මෙලෙස සිය ජාත්‍යන්තර වෙළඳ ව්‍යුහය නිශ්චිත රටවල් කිහිපයක් මත පමණක් පදනම් වීම හේතුකොටගෙන එම රටවල් වල විදේශ ප්‍රතිපත්තියේ සහ විදේශ වෙළඳ ප්‍රතිපත්තිවල වෙනස්වීම් වලට අවනත වීමට දකුණු කොරියාවට සිදුව ඇත. නිදසුන් වශයෙන් 2016 දී තාඩ් (THAAD) ප්‍රශ්නය මුල් කරගෙන දකුණු කොරියාව හා චීනය අතර සබඳතා අසීරු අඩියකට පත් වීමත්, ට්‍රම්ප් පරිපාලනය ආරම්භයත් සමඟම බල ගැන්වුණු, ඇ.එ.ජ. හි ප්‍රබල ජාතිකවාදී ප්‍රවණතා හේතුවෙන් එරටට සිදු කරන අපනයන කෙරෙහි අසීරු බලපෑම් එල්ල වීමත් සඳහන් කළ හැක. එබැවින් කොරියාවට සිය විදෙස් ආර්ථික ප්‍රතිපත්තිය තම රටෙහි ලාභාංශ විශ්වසනීයව වැඩි කරගැනීමට හැකි වන පරිදි සකසා ගැනීමට අවශ්‍ය නම් පළමුව කළ යුතු වනුයේ මෙතෙක් නිශ්චිත රටවල් කිහිපයක් මත පමණක් කේන්ද්‍රීය වූ තම වෙළඳ ව්‍යුහය විවිධාංගීකරණයත් එමගින් බාහිර තර්ජන අවම කර ගැනීමත්ය. නව දක්ෂිණ ප්‍රතිපත්තිය මගින් අරමුණු කෙරෙනුයේ හුදෙක් ඇ.එ.ජ. සහ චීනය වෙනුවට නව දක්ෂිණ කළාපය සමඟ සම්බන්ධතා පැවැත්වීම නොව ඇ.එ.ජ. සහ චීනය සමඟ සම්බන්ධතා පවත්වා ගන්නා අතරතුර සිය ආර්ථික සහයෝගීතාවයේ නිම්වළලු පුළුල් කර ගැනීමයි. එබැවින් නව දක්ෂිණ ප්‍රතිපත්තියේ දැක්ම සංක්ෂිප්තව ඉදිරිපත් කරන්නේ නම් මෙසේය. දකුණු කොරියාව සිය ජාතික ප්‍රායෝගික රුචිකත්වයන්ට ප්‍රමුඛත්වය දෙමින් වඩාත් සමබර රාජ්‍ය තාන්ත්‍රික පිළිවෙතක් මත පදනම් වූ උපායමාර්ගික විදේශ ප්‍රතිපත්තියක් තම ප්‍රධාන සාම්ප්‍රදායික රාජ්‍ය තාන්ත්‍රික කොටස්කරුවන් සිව්දෙනා (ඇ.එ.ජ., චීනය, ජපානය, රුසියාව) සහ නව දක්ෂිණ කළාපයන් සමඟ පවත්වාගෙන යාමයි.
Oct 22, 2019
කොරියානු ආහාර කලාව - Korean Food Culture
කොරියානු ආහාර කලාවට කොරියානු සංස්කෘතිය තුළ හිමි වනුයේ අද්විතීය ස්ථානයකි. කොරියානු සංස්කෘතිය ලොව පුරා ජනප්‍රිය වීමට එහි ආහාර කලාව බෙහෙවින් බලපා ඇත. කොරියානු ආහාර කලාව, සූප ශාස්ත්‍රය, අහාර වට්ටෝරු පිලිබඳ අන්තර්ජාලයෙහි ඇති වෙබ් අඩවි දස දහස් ගණනකි. ඒ අතරින් කොරියානු රජයේ 'කොරියානු සංචාරක ආයතන - KTO'යේ 'Visit Korea' වෙබ් අඩවිය වඩාත් සාධිකාරී තොරතුරු මුලාශ්‍රයක් වශයෙන් මෙහිදී ඔබට හඳුන්වා දීමට අදහස් කරමි.
Visit Korea වෙබ් අඩවියට පිවිසෙන ඔබ එහි Food මෙනුව (menu) ඔස්සේ Introduction යන උප මෙනුවට ගමන් කරන්න. එවිට ඔබව කොරියානු ආහාර පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු රැගත් වෙබ් පිටුවට රැගෙන යනු ඇත.
ඒ යටතේ කොරියානු ආහාර පිළියෙළ කීරීමට යොදා ගන්න අමුද්‍රව්‍ය (ingredients), ආහාර වර්ග (main/side dishes), ආහාර මේසය පිළියෙළ කරන සම්මත ආකාර (table settings), ආහාර සිරිත් (food/dining etiquette), ආහාර වට්ටෝරු (cooking recipies) ඇතුළු තොරතුරු රැසක් ඇතුළත්ය. වටිනා, ගුණාත්මක බවින් ඉහළ ඡායාරූප රැසක් මෙහි ඇතුළත් අතර ඒවා ඔබට පහසුවෙන් බාගත (download) කල හැකිය.
එපමණක් නොව මෙහි ඇති උපදෙස් අනුගමනය කරමින් රසවත් කොරියානු ආහාර ඔබටම පිස ගත හැකිය.
[Click 'Read More' for the English version of this post]
Labels:
Cookery-Korean,
Foods-Korean,
Korean cuisine,
Korean food
Oct 18, 2019
2019 කොරියානු චිත්‍රපට උළෙල (නොවැ. 8-11) 2019 Korean Film Festival (Nov. 8-11)
කොරියානු තානාපති කාර්යාලය මගින් සංවිධානය කරනු ලබන 2019 කොරියානු චිත්‍රපට උළෙල හරහා කොරියානු චිත්‍රපට 04ක් ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන්ට ගෙන එයි. උළෙල නොවැ. 8 දින සිට 11 දින දක්වා කොළඹ ජාතික චිත්‍රපට සංස්ථාවේදී පැවැත්වේ.
එහිදී තිරගත වන චිත්‍රපට මෙසේය.

එහිදී තිරගත වන චිත්‍රපට මෙසේය.
නොවැ. 8: Little Forest (2018) - ප. ව. 6.30
https://www.rottentomatoes.com/m/little_forest
https://www.imdb.com/title/tt6083230/?ref_=fn_al_tt_1
https://www.rottentomatoes.com/m/little_forest
https://www.imdb.com/title/tt6083230/?ref_=fn_al_tt_1
නොවැ. 9: Stand By Me(2018) aka Deok-gu - ප. ව. 3.00
නොවැ. 10: Tunnel(2016) - ප. ව. 3.00
නොවැ. 11: Run-off(2016) aka Take Off 2 - ප. ව. 6.30

මූලාශ්‍රය: Korean Embassy in Sri Lanka
කොරියා - ආසියාන් විශේෂ සමුළුව නොවැම්බරයේ බූසාන්හි දී Korea-ASEAN special summit to be held in Busan in November
කොරියා - අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය (ආසියාන් ASEAN 동남아시아 국가 연합) අතර සබඳතා ඇරඹී 30 වසරක් පිරීම සමරමින් කොරියා - ආසියාන් විශේෂ සමුළුව නොවැ. 25-26 බූසාන්හි දී පැවැත්වේ. මෙහිදී රාජ්‍ය නායකයෝ කොරියාවේ නව දක්ෂිණ ප්‍රතිපත්තිය (New Southern Policy 신新 남방정책) සමාලෝචනය කර එය කලාපය තුල ව්‍යාප්ත කිරීමේ ශක්‍යතාවය පිළිබඳ අවධානය යොමු කරනු ඇත. ආසියාන් සාමාජික රටවල රාජ්‍ය නායකයෝ 10 දෙනා මීට සහභාගී වෙති.
මීට අමතරව නොවැ. 27 දින බූසාන්හි දී කොරියා-මීකොං (Mekong) සමුළුව ද පැවැත්වේ. ආසියාන් සාමාජික රටවල් අතුරින් වියට්නාමය, තායිලන්තය, මියන්මාරය, ලාඕසය, සහ කාම්බෝජියාව යන රටවල් 5 (මීකොං නදිය ගලා බසිනා රටවල්) මීට සහභාගී වෙයි. කොරියාව සහ මීකොං රටවල් අතර සබඳතා ශක්තිමත් කිරීම මෙම සමුළුවේ අරමුණයි.

Oct 16, 2019
කොරියානු ආර්ථිකය හරි මඟට - ජනපති මූන් කියයි
දුෂ්කරතා මධ්‍යයේ සිය රටේ ආර්ථිකය හරි මඟට වැටී ඇතැයි දකුණු කොරියානු ජනපතිවරයා පැවසීය. සැප්. 16 වෙනිදා ජනපති මන්දිරයේදී සිය ජ්‍යෙෂ්ඨ ලේකම්වරු අමතමින් ජනපති මූන් වැඩි දුරටත් කියා සිටියේ සිය රජය රැකියා උත්පාදනය සඳහා ප්‍රමුඛත්වය දී ඇති බවත් ඒ සඳහා පසුගිය වසර 2 පුරා දැඩි ලෙස කැප වූ බවත් එහි ප්‍රතිඵලයක් වශයෙන් රැකියා උත්පාදනයෙහි ප්‍රමාණාත්මක සහ ගුණාත්මක වර්ධනයක් ඇති වී තිබෙන බවත් ය.
Statistics Korea හි දත්ත උපුටා දක්වමින් ජනපතිවරයා පෙන්වා දුන්නේ පසුගිය වසරට සාපේක්‍ෂව මේ වසරේ අගෝස්තු මස වන විට සේවා නියුක්තිකයන්ගේ සංඛ්‍යාව 450,000 කින් ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව 1990 වර්ෂයෙන් පසුව වයස අවුරුදු 15-64 පරාසයේ උච්ඡතම සේවා නියුක්ති අගය මෙන්ම අවම රැකියා වියුක්ති අගය මේ වසරේදී වාර්තා වන බවයි. ඒ අනුව මේ වසර සඳහා සිය රජයේ අපේක්ෂිත සේවා නියුක්තිය වූ 150,000 ක රැකියා ප්‍රමාණය ඉක්මවා ඇති බව පැවසූ හෙතෙම ආර්ථිකය ඉහළ නැංවීම සඳහා තම රජය තව දුරටත් කැප වී වැඩකටයුතු කරන බවද වැඩි දුරටත් පැවසීය.
ප්‍රවෘත්ති මුලාශ්‍රය: http://www.korea.net/Government/Current-Affairs/National-Affairs/view?affairId=882&subId=747&articleId=175371

Oct 14, 2019
දකුණු කොරියාවේ ජනගහණ ගැටළුව South Korea's Population Paradox
කිසියම් රටක ආර්ථික තත්ත්වයෙහි ඇතිවන වෙනස්කම් එරට මූල්‍ය තත්ත්වය කෙරෙහි පමණක් නොව ජනගහණය කෙරෙහි ද දැඩි බලපෑමක් එල්ල කරයි. වේගවත් කාර්මීකරණ හේතුකොටගෙන පසුගිය පරම්පරා තුනක් පුරා දකුණු කොරියාව මහත් ආර්ථික දියුණුවක් ලබා ඇත. එහෙත් ඒ හා සමගාමීව එරට ප්‍රධාන ජනගහණ සංක්‍රාන්තියකට (demographic transition) ද මුහුණ දී ඇත.
වේගයෙන් වයස්ගත වන ජනගහණය, අඩු උපත් අනුපාතිකය සහ විවාහ වීම ප්‍රතික්ෂේප කරන තරුණ පරපුර යන හේතු කරණ කොටගෙන දකුණු කොරියාව අද වන විට ජනගහණ ප්‍රෙහෙළිකාවකට මුහුණ දී සිටී.
ලොව කුඩාම පවුල් ඒකක අතරින් පළමු තැන ලබා සිටින දකුණු කොරියාවේ කාන්තාවකට සිටින දරුවන් සංඛ්‍යාව 1.1 කි. ඒ අනුව ලොව අඩුම සාඵල්‍යතාවකට හිමිකම් කියනුයේ දකුණු කොරියානු කාන්තාවන් ය.
තවද, නිදහස් ජීවිතයක් ගෙවීමේ අභිලාෂය සහ රැකියාව සඳහා ප්‍රමුඛතාව දීම හේතු කොටගෙන කිසිසේත්ම විවාහ වීමට අකමැති තරුණ ජනගහණය ක්‍රමයෙන් ඉහළ යමින් පවතිනු දැකගත හැකිය. 2015 සංගණන දත්ත අනුව වයස අවුරුදු 25-29 අතර කාන්තාවන්ගෙන් තමන් විවාහකයැයි පවසා සිටියේ 23% ක් පමණි. 1970% දී එම ප්‍රමාණය 90% ක් තරම් ඉහළ අගයක් ගත්තේය.
අනෙක් අතට දකුණු කොරියානුවෝ ලොව ඉහළම ආයු අපේක්ෂාවක් සහිත ජාතීන්ගෙන් එකකි. ලොව ආයු අපේක්ෂාවේ සාමාන්‍යය අගය වයස අවුරුදු 72 ක් වන විට දකුණු කොරියානුවන්ගේ ආයු අපේක්ෂාව වයස අවුරුදු 82 කි. 1950 දශකය මැද භාගය වන විට එරට ආයු අපේක්ෂාව වයස අවුරුදු 42 ක් පමණක් විය.
එපමණක් නොව දකුණු කොරියාවේ ජනගහණය වේගයෙන් වයස්ගත වෙමින් පවතී. 1950දී වයස අවුරුදු 65 ට වැඩි ජනගහණය සමස්ත ජනගහණයෙන් 3% කට අඩු වූ නමුත් 2019 දී එම අගය 15% කි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පුරෝකථනයන්ට අනුව 2060 දශකය මැද භාගය වන විට වයස අවුරුදු 65 ට වැඩි ජනගහණය සමස්ත ජනගහණයෙන් 40% කට වැඩි වනු ඇත. ඒ හා සමගාමීව ජනගහණය පහත වැටීමද සිදු වනු ඇත.
කෙසේ වුවද අනාගතයෙහි ඇතිවිය හැකි සාඵල්‍යතාවයෙහි වෙනස්කම් සහ ජන සංක්‍රමණ රටාවන්හි වෙනස්කම් අනුව මෙම පුරෝකථන වෙනස් විය හැකිය.
Rapid economic development makes a huge impact on the demographic profile of any country. It is true with the Korean society too. South Korea has the lowest fertility rate in the world (1.1 child per woman). An increasing number of young people are choosing never to marry at all. Further, South Korea has one of the highest life expectancies in the world (82 years). By 2019, the population over 65 years of age is 15% of the total population where the UN predicts that it will increase up to 40% by the mid-2060s.
ප්‍රවෘත්ති මූලාශ්‍රය: https://www.bbc.com/worklife/article/20191010-south-koreas-population-paradox
ඡායාරූප මූලාශ්‍රය: https://www.koreatimes.co.kr/www/nation/2018/09/119_241836.html

Oct 9, 2019
හන්ගුල් දිනය අදයි (ඔක්. 9) Hangul Day (Oct. 9)
සේජෝන් මහ රජු විසින් කොරියානු ඉතිහාසයේ මහත් පෙරළියක් කරමින් 'කොරියානු අක්ෂර මාලාව' හඳුන්වා දුන් දිනය (한글날) අදයි (ඔක්. 9). මෙම පෝස්ටුව ලියන මමත් කියවන ඔබත් සුන්දර කොරියානු භාෂාව හදාරන්නේ එතුමන්ට ස්තූති වන්නටයි. 2013 වසරේ සිට 한글날 යෙදෙන ඔක්. 9 දිනය දකුණු කොරියාව විසින් ජාතික නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. උතුරු කොරියානුවන් මෙම දිනය 조선글날 යනුවෙන් හඳුන්වන අතර ඔවුන් එම දිනය සමරනුයේ සෑම වසරකම ජනවාරි 15 දිනයි.

Sejong Sillok (세종실록) නම් ඓතිහාසික වාර්තාවට අනුව 15 වන සියවසේදී මෙම අක්ෂර මාලාව මුලින්ම හඳුන්වා දුන්නේ Hunmin Jeongeum (훈민정음) නමින්ය. එය සම්පාදනය වූයේ නිවැරදිව අක්ෂර උච්චාරණය කරන අයුරු පිලිබඳ පොදු ජනතාවට උපදෙස් ලබා දීමේ අරමුණිනි. ලේඛන කලාවේදී එතෙක් චීන අක්ෂර (Hanja) භාවිතා කල කොරියානුවන්ට මෙමගින් වඩාත් සරල හා සුගම, එමෙන්ම විද්‍යාත්මක අක්ෂර මාලාවක් (한글) හිමි වූ අතර එය කොරියානු සමාජයේ සාක්ෂරතාව වර්ධනයට මෙන්ම සමාජ සංවර්ධනයට ද බෙහෙවින් දායක වූවාට සැක නැත. එබැවින් කොරියානුවෝ අදටත් සේජෝන් රජුට මහත් හරසර දක්වති.
ඡායාරූපය: Hunmin Jeongeum (훈민정음). මූලාශ්‍රය: https://en.wikipedia.org/wiki/Hunminjeongeum
한글날 ජාතික නිවාඩු දිනයක් බවට පත්වීම පිලිබඳව කොරියානු බසින් පළවූ ලිපියක් කියවීම සඳහා පහත සබැඳියාවට පිවිසෙන්න.
https://www.urimal.org/1809

King Sejong,
Korean alphabet,
Korean language
Sep 28, 2019
'ෂිරම් 씨름' යුනෙස්කෝ අස්පර්ශීය සංස්කෘතික උරුම ලැයිස්තුවට 'Ssireum ' named as UNESCO’s Intangible Cultural Heritage of Humanity
ඉපැරණි කොරියානු මල්ලවපොර ක්‍රීඩාවක් මෙන්ම ජන ක්‍රීඩාවක් වශයෙන් සැලකෙන ෂිරම් (씨름) පසුගියදා යුනෙස්කෝව විසින් අස්පර්ශීය සංස්කෘතික උරුම ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබුවා. උතුරු-දකුණු කොරියා දෙරටේ ඒකාබද්ධ අයදුම්පතක් වශයෙන් යුනෙස්කෝවට ඉදිරිපත් වූ මෙම යෝජනාව සම්මත වීම දෙරට අතර සබඳතා තව දුරටත් ශක්තිමත් කිරීමට හේතු වනු ඇතැයි ද විශ්වාස කෙරෙනවා.
ෂිරම් ක්‍රීඩාව පිලිබඳ වැඩි විස්තරයක් සඳහා පහත ලිපිය කියවන්න:
https://encykorea.aks.ac.kr/Contents/Item/E0034198
The ancient Korean wrestling style and traditional sport 'Ssireum' was recognized as an Intangible Cultural Heritage of Humanity by the UNESCO recently. The acceptation of joint application of two Koreas to obtain the inscription of their common traditional sport on the UNESCO's representative list has raised hopes for improved relations between the North and the South.
For more information on 'Ssireum' please refer to the following article:
https://encykorea.aks.ac.kr/Contents/Item/E0034198
ප්‍රවෘත්ති මූලාශ්‍රය (News source): https://koreana.or.kr/user/0014/nd85454.do?View&boardNo=00002358&zineInfoNo=0014&pubYear=2019&pubMonth=SUMMER&pubLang=English
ඡායාරූප මූලාශ්‍ර (Photo sources): http://korea.net/NewsFocus/Culture/view?articleId=165752; https://en.wikipedia.org/wiki/Ssireum#/media/File:Danwon-Ssireum.jpg

Jan 14, 2019
කොරියානු ජාතික උරුම පෝර්ටලය Korean National Heritage Portal 국가문화유산포털
කොරියාව යනු සංස්කෘතික හා ස්වභාවික උරුමයන්ගෙන් පොහොසත් දේශයකි. එමෙන්ම එකී උරුමයන් මනාව සංරක්ෂණය කර අනාගත පරපුර වෙත දායාද කිරීම මෙන්ම සිය ජාතික උරුමයන් ලොව පුරා ප්‍රවර්ධනය කිරීම අතින් ද කොරියාව ඉදිරියෙන්ම සිටියි. මෙම වෙබ් අඩවිය හරහා ඔබට කොරියාවේ ජාතික උරුමයන් පිලිබඳ සවිස්තරාත්මක තොරතුරු ලබා ගත හැකිය. යුනෙස්කෝ (UNESCO) ලෝක උරුම, අස්පර්ෂීය මානව සංස්කෘතික උරුම, ලෝක මතකය යනාදියෙහි ලියාපදිංචි වූ කොරියානු සංස්කෘතික හා ස්වභාවික උරුමයන් ද ඇතුළුව කොරියාව පුරා විසිර ඇති ජාතික උරුමයන් පිලිබඳ විස්තර සිතියම්, ඡායාරූප, වීඩියෝ ආදී බහු මාධ්‍ය ඔස්සේ ආකර්ශනීය ලෙස ඉදිරිපත් කරයි. සියලු දෙනා තුල කොරියානු උරුමය පිලිබඳ පුළුල් දැනුමක් ඇති කිරීම මෙමෙ වෙබ් අඩවියේ අරමුණයි.
වෙබ් අඩවියට පිවිසීම: http://www.heritage.go.kr/
ඊට අමතරව කොරියානු ඉතිහාසය හා සම්බන්ධ තොරතුරු මෙන්ම ත්‍රිමාණ තොරතුරු ද ලබා ගත හැකිය. කොරියානු භාෂාවට අමතරව ඉංග්‍රීසි, චීන, ජපන් භාෂාවන්ගෙන් ද තොරතුරු ලබා ගත හැකිය.
සම්බන්ධිත වෙබ් අඩවි: http://www.k-heritage.tv/
Follow this link to access the website: http://www.heritage.go.kr/
වෙබ් අඩවියට පිවිසීම: http://www.heritage.go.kr/
ඊට අමතරව කොරියානු ඉතිහාසය හා සම්බන්ධ තොරතුරු මෙන්ම ත්‍රිමාණ තොරතුරු ද ලබා ගත හැකිය. කොරියානු භාෂාවට අමතරව ඉංග්‍රීසි, චීන, ජපන් භාෂාවන්ගෙන් ද තොරතුරු ලබා ගත හැකිය.
සම්බන්ධිත වෙබ් අඩවි: http://www.k-heritage.tv/
Korea is rich of cultural and natural heritages. The Country well preserves its' heritages for the prosterity while promoting them all over the World. The 'Korea National Heritage Online' is a web portal which provides comprehensive information on Korean national heritages including UNESCO World Heritages (World Heritage, Intangible Cultural Heritage of Humanity, Memory of the World). The web portal consists of information including photographs, videos, 3D simulation vidoes, maps, etc. The website is divided into three sections: 'Learning' (배우고), 'Heritage Tours' (보고), and 'Cultural Experience' (느끼고). Information also available in English, Chinese and Japanese languages.
Subscribe to:
Posts (Atom)