Aug 8, 2023

ශරීරාවයව හා සම්බන්ධ කොරියානු රූඪි හෙවත් ඉඟි වැකි (관용구)

භාවිත කෙරෙන වචන වල ප්‍රකටව පෙනෙන අර්ථවලට ඉඳුරාම වෙනස් අර්ථයක් ධ්වනිත වන ලෙස යොදන භාෂාත්මක යෙදුම් රුඪි හෙවත් ඉඟි වැකි නම් වේ. සිංහල භාෂාවේ මේ සඳහා ප්‍රකට උදාහරණ කිහිපයක් ලෙස "කණ කොකා හැඬීම (කරදරවලින් පිරුණු කාලයක් උදා වීම), මඩේ සිටවූ ඉන්න (ස්ථිර අදහසක සිටීමට නොහැකි), දිවෙන් දිව ගාගෙන (ඉතා මිතුරු බැවින් පසුවීම)" ආදිය දැක්විය හැකිය.

වෙනත් ඕනෑම භාෂාවක මෙන් කොරියානු භාෂාවේද මෙවැනි ඉඟි වැකි බොහොමයක් දැකිය හැකිය (한국어 관용 표현). ඒ අතරින් ශරීරාවයව හා සම්බන්ධ කොරියානු රූඪි කිහිපයක් ඒවායේ මුල් ස්වරූපය (කොරියානු බසින්) සහ ඉංග්‍රීසි / සිංහල අර්ථය සහිතව පහත දැක්වේ.

1. 눈이 높다 – To have higher standards or expensive taste than most - තමන්ගේ මට්ටමට වඩා ඔබින දේවල් වලට ආශා වීම
2. 눈에 들다 – To win someone's favor and trust - යමෙකුගේ සිත හෝ විශ්වාසය දිනා ගැනීම
3. 눈에 띄다 – To catch someone’s eye - යමෙකුගේ ඇසට හෝ අවධානයට හොඳින් හසු වීම/ කැපී පෙනීම
4. 눈에서 불이 나다 - To become very angry - අධික ලෙස කෝපයට පත් වීම
5. 눈을 돌리다 – To look away/ turn one's eyes - යමෙකුගේ අවධානය වෙනත් දෙයකට යොමු කිරීම
6. 눈이 맞다 – To understand[read] each other's mind/ fall in love with each other - එකිනෙකා තේරුම් ගැනීම/ ආදරයෙන් බැඳීම
7. 귀가 얇다 – To be gullible, easily influenced by others - පහසුවෙන් රැවටෙන සුළු හෙවත් පහසුවෙන් නොමඟ යැවිය හැකි
8. 귀를 기울이다 – To carefully listen to what others say or stories about others with interest - අන් අය පවසන දේට හොඳින් සවන් දීම
9. 귀에 못이 박히다 – To be tired of hearing something; to have heard something too much already - යමක් පිළිබඳව දැනටමත් ඕනෑවට වඩා අසා තිබීම නිසා වෙහසට පත් වීම
10. 귀가 가렵다 – To feel like someone is talking about you (ears are itchy) - යමෙකු තමන් පිලිබඳ (ඕපාදූප) කතාකරන්නේය යන හැඟීම
11. 코가 높다 – To act proud - ආඩම්බරයෙන් කටයුතු කිරීම
12. 어깨가 무겁다 – To bear heavy responsibility - මහත් වගකීමක් උරහිස මත පවරාගෙන කටයුතු කිරීම
13. 입을 맞추다 – To put words together/ to kiss - එකම දේ පැවසීම මගින් එකඟතාව පළ කිරීම / හාදු දීම
14. 입이 무겁다 – To keep secrets well/ doesn’t talk a lot - හොඳින් රහස් රැකීම / වැඩිය කථා නොකිරීම
15. 입이 벌어지다- To be very surprised or pleased - ඉමහත් විමතියට හෝ සතුටට පත් වීම
16. 입이 짧다 – To little eat - ආහාර රුචිය අඩු වීම
17. 손이 맵다 – To have hands that hurt even if only slightly hitting someone - යන්තම් පහර දුන්නත් දැඩි වේදනා ගෙනදෙන ස්වභාවයේ දෑතක් තිබීම
18. 손이 크다 – To give generously, especially when spending money - මුදල් අත දිග හැර වියදම් කිරීම
19. 눈/귀/손에 익다 – To feel like you've seen (familiar) someone/ something before - යමෙකු/ යමක් මීට පෙර දැක හුරු පුරුදු බව
20. 발이 넓다 – To know a lot of people, to have friends in a lot of places - බොහෝ දෙනෙකුව දැන හැඳින සිටීම
21. 마음을 놓다- To not worry, put one’s mind at ease - කරදර, සිත් තැවුල් ඉවතලා සැහැල්ලුවෙන් සිටීම
22. 마음을 먹다- to make up one's mind; to be determined; to set your mind to - යමක් කිරීමට අධිෂ්ඨානයක් ඇති කර ගැනීම
23. 마음을 열다- To have an open mind - යමෙකුට/ යමක් පිළිබඳව විවෘතව සහ නිදහසේ කථා කිරීම
24. 머리가 나쁘다 – To be stupid - සිහි විකලෙන් මෙන් අඥාන ලෙස කටයුතු කිරීම
25. 얼굴이 두껍다 – To be shameless - තම වැරදි පිළිබඳ විළිලජ්ජා නැති ලෙස හැසිරීම
26. 얼굴이 뜨겁다 – To feel embarrassed - මහත් අපහසුතාවයකට පත් වීම
27. 엉덩이가 가볍다 – To be unable to bear sitting in one place for a long time and to leave that place soon / change jobs frequently - එක තැනක වැඩි කලක් රැඳී සිටීමේ නොහැකියාව / නිතර රැකියාව මාරු කිරීම
28. 엉덩이가 근질근질하다 – Be impatient, restless - නොසන්සුන් බව
29. 엉덩이가 무겁다 – Be lazy - අලස / කම්මැළි බව
30. 꼬리를 감추다 – To disappear / to run away - සැඟවී පළා යාම
31. 꼬리를 잡다 – To discover the hidden mistakes of another - යමෙකුගේ සැඟවුණු අඩු පාඩු අනාවරණය කර ගැනීම
32. 꼬리를 치다/흔들다 – An act of flattery or enticement / flatter or butter up a person - බොරු ප්‍රශංසාවෙන් හා චාටු බසින් යමෙකුව පොළඹවා ගැනීමට උත්සහ කිරීම

No comments:

Post a Comment