Jun 28, 2023

කොරියානුවෝ අද සිට (ජුනි 28) වසරකින් තරුණ වෙති ...

කොරියානුවන්ගේ වයස ගණනය කිරීමේ දී මෙතෙක් අනුගමනය කල සම්ප්‍රදායික ක්‍රමය සහ ජාත්‍යන්තර ක්‍රමය යන ක්‍රම 02 වෙනුවට අද සිට (2023 ජුනි 28) ජාත්‍යන්තර ක්‍රමය පමණක් උපයෝගී කරගැනීමට රජය පියවර ගැනීමත් සමග කොරියානුවෝ මෙතැන් සිට වසරකින් හෝ දෙකකින් තරුණ වීමට නියමිතය. ඒ පසුගිය දෙසැම්බරයේ පාර්ලිමේන්තුවේ දී සම්මත වූ නීතිය අද සිට ක්‍රියාත්මක වීමත් සමගයි.
කොරියාව තුල මෙතෙක් සම්ප්‍රදායිකව පැවති වයස ගණනය කිරීමේ ක්‍රමය (한국 나이, Korean age) අනුව මව් කුසේ ගතකල කාලය ද ඇතුලත්ව උපතේදී පුද්ගලයෙකුගේ වයස අවුරුද්දක් වශයෙන් සලකන ලද අතර සෑම වසරකම ජනවාරි මස 1 වැනිදා එයට තවත් අවුරුද්දක් එක් කරන ලදී. ඊට අමතරව අනුගමනය කල ජාත්‍යන්තර ක්‍රමය (만 나이/국제 나이, international age) අනුව උපතේදී වයස අවුරුදු බින්දුව (0) ලෙස සැලකූ අතර සෑම උපන්දිනයකදීම එයට තවත් අවුරුද්දක් එක් කරමින් නෛතික සහ වෛද්‍ය ලේඛන සඳහා වයස වශයෙන් භාවිත කරන ලදී.

මෙම තීරණය සමග මෙතෙක් වයස් ක්‍රම 02ක් භාවිතා කල කොරියානුවෝ ජත්‍යන්තර ක්‍රමය පමණක් ඉදිරියට භාවිතා කරනු ඇත. එමගින් වයස ගණනය කිරීම හා බැඳි ඇතැම් ව්‍යාකූලතා සහ සමාජ, ආර්ථික ගැටළු මගහැරෙනු ඇතැයි රජය විශ්වාස කරයි. උදා: රජය මගින් සපයන සහන ලබා ගැනීම, රක්ෂණ ලබා ගැනීම, විශ්‍රාම වැටුප් ලබා ගැනීම ආදී.

කෙසේ වෙතත් දුම්වැටි සහ මත්පැන් මිලදී ගැනීම, අනිවාර්ය අධ්‍යාපනය සහ පිරිමි අයවලුන් සඳහා වන අනිවාර්ය යුධ සේවය ආදිය සඳහා වන වයස් සීමා දැන්ම වෙනස් නොවනු ඇතැයි විශ්වාස කෙරේ.

වයස හා බැඳි වැඩිදුර තොරතුරු

වයස හා බැඳි කොරියානු වචන:

연세 (yeonse) or 세 (se)- වැඩිමහළු අය සඳහා
나이 (nai) or 살 (sal)-සම වයසේ හෝ තමන්ට වඩා වයසින් බාල අය සඳහා

වයස විමසන අයුරු:

몇 살이세요? (myot sariseyo?)
연세가 어떻게 되세요? (yeonsega eotteoke doeseyo?)
나이가 어떻게 되세요? (naiga eotteoke doeseyo?)

පිළිතුරු දෙන අයුරු:

저는 52살입니다 (joneun swindusarimnida, I am 52 years old)
저는 스물여덟 살이세요 (joneun seumulryodol sariseyo, I am 28 years old)

*මීට අමතරව ඔබගේ උපන් වර්ෂය කුමක්ද? [What year were you born? 몇 년생이세요?(myeot nyeonsaengiseyo?)] වශයෙන් ද වයස විමසනු දැකිය හැකිය.එවිට 1997년생이요 (chongubaekkkusipchilrnyeonsaengiyo, I was born in 1997, මම ඉපදුණේ 1997 වසරේ) යනාදී වශයෙන් පිළිතුරු ලබා දෙයි.

**තවද සම වයසේ අයව 동갑 (donggap) ලෙස හඳුන්වයි. ඒ අනුව "우리는 동갑이다" (urineun donggabida, we are the same age, අපි එකම වයසේ) යන යෙදුම නිතරම අසන්නට ලැබේ.

***යමෙකු තම උපන්දිනයේදී වසරකින් වයසට යන විට 난 이제 한 살 더 먹었다 (I am now a year older) වශයෙන් පවසනු දැකිය හැකිය.

No comments:

Post a Comment